Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

" දහදිය බිංදු "


නුඹ,
වී ඇටයක්.
බතක්ලෙස නිවා කුසගිනි,
මෝල් හිමියගේ පයට පෑගෙන.

නුඹ,
ලුණු පොල්කට්ටක්.
කෑමක රස පදම සදා,
පෝරුකරුව ජාඩි දමන.

නුඹ,
පාන්ගෙඩියක්‌.
පොඩි මිනිහගේ කුස රවටා,
බේකරිහිමි ලාභ හොයන.

නුඹ,
කරෝල කට්ටක්.
වාඩිහොද්ද රස ගන්වා,
තොගවෙළෙන්ද හොරට කිරන.

නුඹ,
වැලි තාච්චියක්.
ගඟ මිරිකා වැලි ඇද්දම,
ටෙන්ඩර්කරු කොමිස් ගහන.

නුඹ,
බස් ටිකෙට්ටුවක්‌.
මගියට යන මං හදලා,
කළු චොප්පේට කප්පම් දෙන.

නුඹ,
කළුගල් පතුරක්.
බෝරෙට කුඩුපට්ටම් වී,
ගල්වලටම දියවී යන.

නුඹ, 
පරාළ ඇනයක්. 
කම්මල්කරුගේ කරගැට විකුණා,
හාඩ්වෙයාර් මුදලාලිට කඹුරන.

නුඹ,
මිනිරන් කූරක්.
පතල පතුලේ හුස්ම නොගෙන,
රට කරන්න මුදල් හොයන.

නුඹ,
කසිප්පු අඩියක්‌.
මන-දොළ සපුරා හෙන්චයියලාගේ,
උසාවියේ නඩු අයිතමයක් වෙන.

නුඹ,
සිගරෙට්ටුවක්‌.
පෙනහළු ටික අළු කරලා,   

ආන්ඩුවට බදු උපයන.

නුඹ,
බොත්තංකාසියක්‌. 
කලාපේ නංගිලා නොනිදා,
ඒරෝප්පෙන් ඩොලර් ගේන.

නුඹ,
මොණරකොලයක්. 
නැති -බැරි මිනිහගේ අත්ලට දියවී,
කැසිනෝකරුවන් සුදු ඔට්ටුලන.

නුඹ,
බැලට් කොළයක්. 
පුරවැසියන්ගේ ෆැන්ටසි පිනවා,
රජ- මැතිවරුනට කිරුළ පළන්දන.


ඉනෝකා  සත්‍යාංගනී කීර්තිනන්ද








Comments