Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

කෝවිඩ් 19 වෛරසය වෙස් මාරුවක

කෝවිඩ් 19 වෛරසය මෙතෙක් පෙන්නුම්කරන ලද රෝග ලක්ෂණ වලට වඩා අලුත් මුහුණුවරක් ගත් රෝග ලක්ෂණ පෙන්නුම්කිරීමට දැන් දැන් පටන්ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය බලධාරීන් මේ මොහොතේ  නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි. මෙතෙක් ස්වසන පද්ධතිය හා පෙනහළු ආශ්‍රිත රෝගයක් ලෙස පමණක් පැවති කෝවිඩ් 19 වෛරසයේ රෝග තත්වය, දැන් වඩාත් ව්‍යාකූල ස්වරූපයකට පරිවර්ථණය වෙමින් තිබේ. ඒ අනුව, එය රුධිර සංසරණ පද්ධතිය වෙත බලපෑම් ඇතිකරණ තත්වයකට පත්ව තිබේ යැයි ලෝක සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දේ. මේ නව ප්‍රවණතාවයට අනුව, රුධිර නාල තුළ ලේ කැටි ඇතිවීම, ඛේශනාලිකා පුපුරා යාමෙන් සම යටින් රුධිර පැල්ලම් මතුවීම වැනි "ත්‍රොම්බෝසිස්" (Thromboses) රෝගයේ රෝග ලක්ෂණද පෙන්නුම්කරන බව වාර්ථාවේ. චීනය, උතුරු ඇමරිකාව හා ඇතැම් යුරෝපීය රටවල් වෙතින් මේ නව රෝග තත්වය වාර්තා වනබව, මීට පැය 24 කට පෙර මුදාහරින ලද මෙකී වීඩියෝ වාර්ථාවෙන් පෙන්වා දෙයි. විශේෂයෙන්ම මෙකී තත්වය කුඩා දරුවන් විෂයෙහි බලපෑම් ඇතිකොට තිබෙන බවත්, මෙහි බලපෑම තුළින්, පෙනහළු වලට අමතරව හර්ධයවස්තුවට, අක්මාවට හා ඇතැම්විට මොළයටද හානි සිදුවිය හැකි බව මෙකී වාර්තාවැඩසටහන තුළින් පෙන්වා දෙයි. මෙය වෛද්‍ය විශේෂඥයින් විසින් Kawasaki syndrome රෝගයට සමාන කරන අතර, මෙකී නව රෝග ලක්ෂණ සහිතව රෝහල් ගතවන ලද 41 හැවිරිදී ප්‍රකට කැනේඩියානු වේදිකා නාට්‍යශිල්පියෙකු ට ශරීරය තුළ ලේ කැටියක් සිරවීම නිසා, ජීවිතය බේරාගැනීමට  තම කකුල ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට පවා සීදුව තිබෙන බව වාර්ථා වේ.

Autopsies reveal: Coronavirus is more than a lung infection | COVID-19 Special

මෙවන් පසුබිමක් තුළ වෛරසයෙන් බලපෑම ක්‍රමයෙන් අඩුවී ගොස් රට යථා තත්වයට පත්කොට ඇති චීනය මේ වනවිට වෛරසයේ දෙවන රැල්ල බලාපොරොත්තුවෙන් සිටින බවත්, ඒ සඳහා ඔවුන් නිහඬව ඊට මුහුණ දීමට සුදානම් වන බවත් වාර්තාතුළින් ප්‍රකාශ වේ. චීනයේ තත්වය මෙසේ තිබියදී, ඇමරිකාව තුළ කෝවිඩ් වෛරස පාලනය තවමත් හරිහැටි සිදුකිරීමට නොහැකි වීම මත, ලබන ජුනි 1 වනදා වනවිට ඇමරිකාවේ මියගිය රෝගීන් ගණන ලක්ෂය පනිනු ඇතැයි ඔවුන්ගේ සෞඛ්‍ය බලධාරීන් අනුමාන කරයි. ඒ අතරේ, වෛරසය මැඩලීම සඳහා එන්නතක් නිපදවීමේ උත්සාහය අත්නොහැර ඒ වෙනුවෙන් දිගටම පරීක්ෂණ පවත්වන ඇමෙරිකාව පිලිබඳ අධි තක්සේරුවකින් කතා කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මාධ්‍යයට කියා ඇත්තේ මේ වසර අවසන් වීමට මත්තෙන් එන්නත නිපදවන බවයි. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශකරද්දී එරට වෛද්‍ය බලධාරීන් කියා සිටින්නේ තවමත් ඒ වෙනුවෙන් අනාවැකි පළකිරීමට ඉක්මන් නොවියයුතු බවයි.

මේවන විට සමස්ථ ලෝකය පුරා රෝගීන් ලක්ෂ 3ක්‌ මියගොස් ඇතිබව වාර්තාවන අතර, මෙහි දැඩි බලපෑමට ලක්ව ඇති රුසියාවේ ගතවූ පැය 24 තුලදී රෝගීන් 9, 200 ක්‌ අළුතෙන් වාර්තාවී තිබේ. බ්‍රසීලයේද දිනකට 800 ක්‌ පමණ නව රෝගීන් වාර්තාවන අතර, ඒ අනුව වෛරස් ආසාධිතයින් හමුවීම අතින් බ්‍රසීලය " Hot spot " තත්වයට පත්ව තිබේ. මෙකී තත්වය යටතේ බ්‍රසීල රාජ්‍යනායකයා විසින් රට යථාතත්වයට පත්කිරීමේ වෑයමට එකඟ නොවන නිසා, මාස 8ක්‌ වැනි කෙටි කලක් සේවය කරමින් සිටි බ්‍රසීලයේ නව සෞඛ්‍ය ඇමැතිවරයා සිය ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී තිබේ.

ඉන්දියාවේ මරණ ප්‍රතිශතය පහළ මට්ටමක පවතිතත්, මේ වනවිට 86, 000 ක්‌ පමණ ආසාධිත පුද්ගලයින් හදුනාගෙන ඇත. එසේම, මේවනවිට ඉන්දියාව චීනයෙන් වාර්ථා වු ආසාධිතයින්ගේ ප්‍රමාණයද අතික්‍රමණය කොට තිබෙන බව වාර්ථාකරයි. ඒ අනුව තවදුරටත් ඔවුන් හත්වන සතියටත් සිය රට අකර්මන්‍ය තත්වයෙන් පවත්වාගෙන යන අතර, කෝවිඩ් වෛරසයේ අනතුරින් මිදුණු යම් නගර පමණක් සාමාන්‍ය තත්වයට පත්කිරීමේ වෑයමට එළඹෙමින් සිටියි. 

-  ඉනෝකා  සත්‍යාංගනී කීර්තිනන්ද

Comments