Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

"බුද්ධාගම, ආර්ථික විද්‍යාව හා මිනිස් පැවැත්ම "

මීට වසර දෙදහස් පන්සියකට පෙරඅතුව ගෞථම බුදුන් ලොවට දේශනාකල ජීවන දහම යනු සොබා දහමේ න්‍යායට, වඩාත් සමීප වු දහමකි. සොභාදහම සමග සුසංයෝගයෙන් ජීවත්වූ ආදි මිනිසා, කෙමෙන්  නාගරීකරණයට හුරුවීමත් සමගම සිය ජීවන රටාව වේගයෙන් පරිවර්තනය කරගන්නට වීය. සියවසෙන් සියවස ගෙවා දමමින් පෙරට පැමිණි මිනිසා, තම භෞතික දියුණුව සඳහා වඩ වඩාත් වෙහෙසවන්නට හා කැපවන්නට විය. ඊට අනුපාතව ශීග්‍රයෙන් ස්වභාවික පරිසර පද්ධතිය තුළින් උකහාගත් බොහෝ දෑ මිනිසා විසින් කෙමෙන් අත්හරින්නට වීම නිසා, මිනිසාත් -සොභාදහමත් අතර වු අන්තර් සම්බන්ධතාවයේ  තුලනයද කෙමෙන් බිඳෙන්නට විය.

මේ පිලිබඳ හොඳම නිදර්ශනය සොයා ගත හැක්කේ චාල්ස් ඩාවින් (Charles Darwin) ගේ ලෝක ප්‍රකට ග්‍රන්ථයෙනි. " On the Origin of Species " නමින් 1859 දි මිනිසාගේ පරිණාමය සම්බන්ධයෙන් ඩාවින් රචනා කල එකී ග්‍රන්ථයේ 5 වෙනි වෙළුම තෙක් ඩාවින් මානව පරිනාමය හෙවත් පරිසරය හා මිනිසා අතර ගොඩනැගීම හැඳින්වීමට යොදාගත් යෙදුම වුයේ " ස්වාභාවික වරණය " (Natural Selection) යන්නයි. එහෙත්, ග්‍රන්ථයේ වෙළුමෙන් වෙළුම දීර්ග වේද්දී, ඩාවින්ට පාරිසරික පද්ධතියෙන් මානවයා කෙමෙන් වියුක්ත වන ආකාරය පෙන්නුම් වු අතරම, මිනිසා පරිසරය ජය ගැනීමේ සටන කෙසේ පිල් බෙදී කරන්නේද යන්නත්, හුදෙකලා ජයග්‍රහණ සඳහා සටන් වදින්නේද යන්නත් ඩාවින්ට පෙන්නුම් වු නිසා, ඔහු " ස්වාභාවික වරණය " යන යෙදුම වෙනුවට " ශක්තිවන්තයා ජයගනී " (survival of the fittest) යන යෙදුම ආදේශ කරන්නට විය. මේ තුළ මානව පරිණාමය පිලිබඳ විශාල කථාන්තරයක් කියවෙන අතර, ඇඩම් ස්මිත්ගේ " ධනවාදයේ "  (Capitalism) උපත පිලිබඳව  එකී පරිණාමවාදයේ ගමන්මග තුළින් සංඛෙත සපයන බැව් අපට වැටහේ.

මේ තුළින් නොකියා කියන කථාන්තරය වන්නේ අප ජීවත්වන්නේ  නියෝ ලිබරලිසම් (නුතන ලිබරල්වාදය) යුගයේ  හෙවත්  ඩාවින්ගේ කෘතිය රචනා කරන කාලයෙන් තවත් සියවස් එකහමාරක් ගෙවා දැමු පරිසරයකය.

මේ කාල තරණය තුළින් අපට පෙන්නුම් වන්නේ, බුදුදහමේ ඇති අල්පේඡාතාවය, පරාර්ථකාමිත්වය, උපේක්ෂාශීලිත්වය  සේම, පරිසරය සමග සහසංයෝගයෙන් විසු  මිනිසුන් තුළ තිබූ මානවීය ගුණාංග ආදිය  කාලයාගේ ඇවෑමෙන් ක්‍ෂයවී ගොස් ඇති බවයි. මේ මතය වඩා තහවුරු කරමින් නුතන ව්‍යාපාර ව්ද්‍යාවේ ගුරු ලෙසින් හඳුන්වන චාර්ල්ස් හැන්ඩිගේ  (Charles Handi) ප්‍රකාශයකින් මෙම කෙටි සටහන නිමාකරමි.

" ධනවාදය යනු බොහෝ මිනිසුන් දකින බොහෝ සිහින මත ගොඩනැගූ බොහෝ ආශාවන් තුළින් උපන් බොහෝ උවමනාවන්ය " යන්නයි. " Capitalism is, more  people desiring more & more things & wanting more & more & more  things ".

මේ ව්‍යාකුලතාවයන් පෙර දක්නා නුවණින් ඩාවින් සේම වටහාගත් ගෞථම බුදුන් විසින්, මීට දෙදහස් පන්සිය වසරකට පෙර වදාරන ලද, රාජ්‍ය පාලනය, නගර පාලනය, ග්‍රාම පාලනය, ව්‍යාපාර පාලනය සේම පුද්ගල පාලනය පිලිබඳ දෙසු දසරාජ ධර්මය හෙවත් දසවිධ රාජ ධර්මය (tenfold virtue of rulers), සමාජයක් හෝ රටක් සතර අගතියට පත්නොවී දියුණුවට පත්වන්නේ කෙසේද යන්න පිලිබඳ උපදෙස් මාලාවක් අඩංගු දේශනාවක් වේ.

මෙකී විචාරාත්මක විග්‍රහය සහිත වීඩියෝ පටය තුළින් ඉදිරිපත් වන්නේ, ධනවාදය, මිනිස් උවමනාවන් හා බුදුදහමේ ඉගැන්වීම් පිලිබඳ සංසන්දනාත්මක විමසා බැලීමකි.

ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද

Comments