Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

සොක්‍රටීස්ට අහිමි ප්‍රජාතන්ත්‍රවාදය.

කුණාටුසහිත වැසි දිනයක ග්‍රීසියට අයත් දුපතක් වන සැමෝස් වෙත යාත්‍රාකිරීමට නියමිත මගී -නෞකාවක්.

සොක්‍රටීස් - අපි මේ නෞකාවේ කපිතාන්වරයා ලෙස තෝරාගන්නේ කවුද  ?

ඇඩිමැන්ටස් - අපි ප්‍රජාතන්ත්‍රවාදීලෙස එකී  තීරණයට එළඹෙමු.

සොක්‍රටීස්- ජනතා මත විමසීමකට යමු කියලද ඔබ කියන්නේ?

ඇඩිමැන්ටස්- එහෙම නේද වඩා සාධාරණ?

සොක්‍රටීස් - කවුද ඒ ජනතා පාර්ශවය?

ඇඩිමැන්ටස් -අපි නෞකාවේ ගමන්ගන්නා මගීන්ගෙන්ම විමසමු.

සොක්‍රටීස් - ඒ අයට නාවුක යාත්‍රා හා මුහුදු ගමන් පිළිබද දැනුමක් තිබේද ?

ඇඩිමැන්ටස් - දැනුම වැදගත් සාධකයක් ද ?

සොක්‍රටීස් - නෞකාවක් යාත්‍රාකරවීමට මුහුදු ගමන් පිළිබද දැනුම අත්‍යාවශ්‍යයි.

ඇඩිමැන්ටස් - එහෙත් මගීන්ගේ විස්වාසය දිනාගත් පුද්ගලයෙකුට නොවේද ඔවුන්ගේ වගකීම පැවරියයුත්තේ?

සොක්‍රටීස් - එහෙත් පවතින්නේ කුණාටුසහිත කාලගුණයක්.

ඇඩිමැන්ටස් - එනිසාම නොවේද, බහුතරයකගේ විස්වාසය දිනාගත් පුද්ගලයෙකු  අවශ්‍යවෙන්නේ...?

සොක්‍රටීස් - ඒත් ඔහු මුහුදුගමන් පිළිබද පුරුදුකාරයෙක් නොවේනම්, ඇතැම්විට වැරදි තීරණයක් ගතහැකියි?

ඇඩිමැන්ටස් - ඒත් මගීන්ගෙන් බහුතරයක්‌ ඔහු පිළිබද විස්වාස තබනවානම් ගැටළුවක් නෑනේ.

සොක්‍රටීස් - එහෙත් මෙය අවධානම්සහගත අවස්ථාවක්‌. කපිතාන්ගේ අත තමයි සියල්ලගේ ජිවිත රැඳී තිබෙන්නේ.

ඇඩිමැන්ටස් - එය තමයි අභියෝගය බාරගැනීම.  මගීන් විසින්ම තීරණය කරනවානම් අපි වගකීමෙන් නිදහස්.

සොක්‍රටීස්- ඔබ කියන්නේ බහුතර තීරණයට ඉඩදී, ඔවුන් තීරණය කරන්නාවු කවුරුන් හෝ සමග කුණාටුමුහුදේ නෞකාව යාත්‍රා කළයුතු බවද?

ඇඩිමැන්ටස් -  එය   නොවේද  ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුව?

සොක්‍රටීස් - ඒ තීරණය ආරක්ෂාකාරී එකක් වේවිද?

ඇඩිමැන්ටස්- බහුතරය  විසින් ඒ වගකීම බාරගනීවි.

සොක්‍රටීස් - ඔබ හිතන්නේ එය බුද්ධිමත් තීරණයක් බවද?

ඇඩිමැන්ටස් - අමතක කරන්න එපා, ඔබ මේ ප්‍රශ්නකරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය බව.

සොක්‍රටීස්- මම ප්‍රශ්නකරන්නේ මේකී තීරණාත්මක අවස්ථාව තුළ ගන්නා ජිවිත අවධානමයි.

ඇඩිමැන්ටස්- ඔබ නැවත, නැවතත් අහන්නේ එකම ප්‍රශ්නයක්‌. එහෙත් ඔය කුමන ප්‍රශ්නයටත් ඇත්තේ එකම පිළිතුරක් පමණයි.

සොක්‍රටීස්- එකම ප්‍රශ්නය නැවත නැවතත් අහන්නේ මා වෙනුවෙන් නොවේ. මේ නෞකාවේ ගමන්ගන්නා දහසක්‌ මගීන්ගේ ජීවිත වෙනුවෙන්.

ඇඩිමැන්ටස් - ඇයි ඔබ ඒ පිළිබඳ ඔයතරම් කරදරවන්නේ?

සොක්‍රටීස්- මේ නෞකාවේ ඉන්නේ ඇතීනියානුවන්. ඔවුන් මට පිටස්තරයින් නොවේ. මේ සියළුදෙනා මගේ නෑයන්, මිත්‍රයන් මෙන්ම මිත්‍රයන්ගේ නෑයන් හෝ නෑයන්ගේ මිත්‍රයන්. කොහොම බැලුවත් අපේ කට්ටිය.

ඇඩිමැන්ටස්- ඒත්, ඔවුන් විසින් ඔවුන්ට වඩාත් සුදුසුයැයි විස්වාස කරමින් ගන්නාවූ තීරණය පිළිබඳ ඔබ තැවෙන්නේ මන්ද?

සොක්‍රටීස් - බහුතර මතය සැමවිටම, නිවැරදි මතය නොවන නිසා.

ඇඩිමැන්ටස් - හොඳයි, ඔබ කියනා අන්දමින් එය වැරදි තීරණයක් වුවත්, එය ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් ඔවුන් විසින්ම සාමුහිකව ගන්නාලද තීරණයක්.

සොක්‍රටීස් -  ඔවුන් වැරදි තීන්දුවක්‌ ගතහොත්, ඊට ඔවුන් ජීවිතවලින් වන්දිගෙවිය යුතුද?

ඇඩිමැන්ටස්- ඔවුන් එකී තීරණය ගෙන ඇත්තේ සිය කැමැත්තෙන්නම්, ඔවුන්ගේ ඉරණමට ඔවුන් විසින් වගකිවයුතු නොවන්නේද?

සොක්‍රටීස් - එහෙත්, මේ ගන්නා තීරණය වැරදි එකක් බව මුහුදු ගමන් පිලිබඳ වැටහීමක් ඇති සුළුතරයකට  වැටහේනම්, ජිවිත අනතුරක් පෙනි පෙනීම මොවුන්ට මේ නෞකාව දියත්කරන්න ඉඩදෙන්නට කියාද ඔබ පවසන්නේ?

ඇඩිමැන්ටස්- නෞකාවේ මගීන් හා නාවිකයින් විසින් ගන්නාවු සාමුහික තීන්දුවකට ඔබ විරුද්ධත්වය ප්‍රකාශකරනවා  කියන්නේ ඔබ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිවීමක්.

සොක්‍රටීස්- වරද, මේ නෞකාවත් සමගම එහි   ගමන්ගන්නා සියළු මගීන් මුහුදුබත් වීමට ඉඩ හැරීමද , නැත්නම් සිදුවියහැකි  වරදක්‌ වැලැක්වීමට උත්සාහකිරීමද ?

ඇඩිමැන්ටස්- බහුතරයකගේ මතය අභිබවා තීරණය ගැනීමට සුළුතරයකට ඇති බලය කුමක්ද?

සොක්‍රටීස් - සුළුතරයකට මේ පිළිබඳ ඇති විශයානුබද්ධ දැනුම.

ඇඩිමැන්ටස් - බහුතර මතයට ඉඩදීම වඩා සාධාරණ බවත්, එය වනාහී ප්‍රජාතන්ත්‍රවාදය බවත් ඇතීනියානුවන්ට  කියා දුන්නෙත් ඔබම නේද?

සොක්‍රටීස් - එය මා විසින් හඳුන්වාදෙනලද්දක් වුවත්, පසුව එහි ඇති ප්‍රායෝගික ගැටළු පෙනීයනවිට, ඊට විරුද්ධ වීමට ඇති මගේ අයිතිය අහෝසිවේද?

ඇඩිමැන්ටස් - ඔබ විසින් තනිපුද්ගලයෙකු ලෙස යෝජනාකළ මථයක් , බහුතරයක් පිරිස් විසින්  බාරගත් පසු , එය ඔබේ මතයලෙස ඔබ‍ට පමණක් හිමි නොවන බවත්, එය බහුතරයකගේ අයිතිය බවට අනුවර්ථනය වනබවත් ඔබ නොදන්නේද? .

සොක්‍රටීස්-  මුල් මතය තවදුරටත් එලෙසින්ම මට පිළිගත නොහැකිනම්?

ඇඩිමැන්ටස් - ඔබ පමාවුවා වැඩියි. ඔබ පිළිනොගත්තත් දැන් එය  බහුතරයක් විසින් බාරගෙන අවසන්.

සොක්‍රටීස් - එහෙත් මින් වියහැකි හානිය මා  වැලැක්විය යුතුයි...

ඇඩිමැන්ටස් - එවිට ඔබ කරන්නේ වරදක්. වරදකට හිමිවියයුත්තේ දඬුවමක්‌.

සොක්‍රටීස්- එත් දඬුවම නිසාවෙන් මා වරදක් අනුමත කරන්නේ කෙසේද?

ඇඩිමැන්ටස් - ඔබ කැමති වුනත්, නැතත්, දැන් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බොහෝ මිනිසුන් අදහන දහමක්‌. එය විවේචනය කිරීම රාජ්‍ය ද්‍රෝහීත්වයක්.

සොක්‍රටීස් - එහෙමද? එහෙනම්, නුඹලාගේ ප්‍රජාතන්ත්‍රවාදයට ජයවේවා!


(ප්ලේටෝගේ " ඩෙමොක්‍රසි " ග්‍රන්ථයේ 6 වන වෙළුම අනුසාරයෙන් නිර්මිත කතා පිංචකි  )

පසුවදන - 399 BC හීදී ඇතැන්ස් නුවරට ඒකරාශීවු ඇතීනියානුවන් 500 කගේ මථවිමසීමකින් අනතුරුව,  52%ක්‌ වු මායිම් බහුතරයක් විසින් ගන්නාලද තීන්දුවකට අනුව, තමා නොකළ වරදක් වෙනුවෙන් චෝදනා ලැබු සොක්‍රටීස්ව ඝාතනය කිරීමට නියම කිරීමෙන් පසු, "හැම්ලොක්" නැමති විස ශාකයුශ පානය කිරීමෙන් සොක්‍රටීස් මරනයට පත්විය.

- ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද 


Our democracy no longer represents the people. Here's how we fix it | Larry Lessig | 

Comments