Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

කෝවිඩ් පැන්ඩමිකයෙන් අපි එලියට පනින්නේ කොහොමද?

China braces for second wave of COVID-19
Where are we with a coronavirus vaccine? | Start Here

පුරා මාස 4 කට වැඩි  කාලයක් ලොව භීතියට පත්කරමින් තිබෙන මේ ඇස‍ට නොපෙනෙන වෛරස් අමුත්තා, යලි පිටමං වන්නේ කවදාදැයි අප බලා සිටිමු. එහෙත් ඒ දිනය කවදාදැයි තීරණය කිරීමට හැකි එකම ශක්තිය ඇත්තේ වෛරසයේ ක්‍රියාකාරිත්වයට මිස වෙනකට නොවේ. ඒ, මේ මොහොත වනවිටත් රෝග නිවාරණය සඳහා  කිසිඳු නියත ඖෂධයක් සොයා ගැනීමට වෛද්‍ය විශේෂඥයින් සමත් නොවීම නිසයි.

චීනය, නවසීලන්තය, වැනි ලෝකයේ රටවල් කිහිපයක් පමණක් මේ මොහොත වනවිට කොරෝනා රෝග භීතියෙන් ඉවත් වී ඇතිමුත්, එවන් රටවල් පවා තවමත් කොරෝනා වෛරස් භීතියෙන් පසුවෙති. ඒ, රෝගය සුව වු පසුත් නැවත වැළදීමේ අවධානමක් මේ රෝගවිශේෂයෙහි පැවතීමත් සේම රෝග බීජ පරිසරයයෙන් සහමුලින්ම ඉවත් වී නොමැති තත්වයක්‌ තුළ දෙවන හා තුන්වන රැල්ල නැවත මතුවීමට ඇති ඉඩකඩ යන තත්වයන් දෙක නිසාය.

දැනට ලෝකය පුරා වෛද්‍ය විශේෂඥයින් විසින් කරන ලද විධිමත් නිරීක්ෂණ,  සමීක්ෂණ හා පරීක්ෂණ
මගින් සොයාගෙන ඇත්තේ මෙකී රෝගයේ ව්‍යාප්තිය වඩාත් දරුණු ලෙස බලපාන්නට හේතුවු කාරණා ලෙසින්,  ප්‍රමාද වී රට අක්‍රිය තත්වයට පත්කිරීම (late lock down), විදෙස් සංක්‍රමිකයින්ට රටට ඇතුල්විම නැවැත්වීමට පමාවී කොන්දේසි පැනවීම, ජනතාව නිසි විනයකින් තොරව කටයුතු කිරීම, දෛනිකව වෛරස පරික්ෂාව සඳහා කෙරෙන පරීක්ෂණ ප්‍රමාණය අඩුවීම, ජනගහනය තදාසන්න ලෙස ජිවත්වන පරිසර තුළ ව්‍යාප්තිය වලක්වා  නොගැනීම ආදී කරුණු කිහිපයකි. මේ අනුව බලන විට ශ්‍රීලංකාව තුළ දෙවන හා තුන්වන (රැල්ලෙන්) අදියර වලදී දැනට පවතින තත්වය නරක අතට හැරීමට ඇති එකම ඉඩකඩ වන්නේ රෝග විනිශ්චය ප්‍රමාණවත් ලෙස ඉටුකිරීමට ඇති පහසුකම් අඩුවීම හා ජනයා විනයකින් හා පාලනයකින් තොරව කටයුතු කිරීමටට ඇති ඉඩකඩ යන අවස්ථාවන් දෙක පමණි. මෙම බාධවන් සඳහා ඇති ඉඩකඩ හැකි උපරිමයෙන් වලක්වාලීමට කටයුතු කිරීමට රාජ්‍ය පාලන තන්ත්‍රයට හා සෞඛ්‍ය බලධාරීන්ට ඇති වගකීම අතිමහත්වු එකක්‌ වෙයි.

මෙවන් තත්වයක්‌ තුළ ඉදිරියේ පාසලේ විවෘත කිරීම සම්බන්දයෙන් තීරන ගැනීමට තවමත් අප ඉක්මන් නොවිය යුතු බව සිතා බැලීමට සුදුසු මොහොත මෙයයැයි යෝජනා කරමු. මන්ද, ඇමෙරිකාවට සිදුවුවාසේ " යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැතැයි හිඳ, සැබවින්ම යකා එන දවසට අපට දුවන්නට යන එන මං නැතිවන නිසාය .එනිසා, යකා එන්නට පිළිවන් බව කලින් හඳුනාගෙන, යකාට බය නැතැයි අධි තක්සේරුවෙන් නොඉඳ, අවශ්‍ය තැනට අවශ්‍ය පරිදී නිවැරදි තීරණ ගැනීම තුළින් පමණක් මෙකී පැන්ඩමිකයෙන් ඉවතට පැනගත හැකිවනු ඇත.

 
- ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද 

Comments