නොකියූ කථාවක්.
දුව - " අම්මේ.. ඇයි අම්මා මේ අඬන්නේ...? "
යසා - " නෑ...චුටි, මම කලින් රතුලූනු වගයක් සුද්දකළා "
මව -
"ඇයි දුවේ මේ උදේ ඉඳන් ඔලුව ගහගෙන..."
යසා - "ඊයේ රෑ ටිකක් නිදිමරුව අම්මේ, ඔෆිස් එකේ වැඩවගේකට "
යෙහෙළිය - "
මොකෝ යසා මේ තොල් පට පුපුරලා ? "
යසා - " හ්ම්ම්.. මේ..මේ දවස්වල ග්‍රීස්මෙටද කොහේද, අනේ ..."
බොස් - "මොකද යසන්ති මේ අත බැන්ඩේජ් කරගෙන? "
යසා - "ස්..සර්...මම..මේ..ඊයේ බාත් රූම් එකේ ලිස්සුවා "
දොස්තර - "
මොකද්ද මිසිස් විමලසිරිට තියෙන අසනීපේ?"
යසා - " බස් එකෙන් බහිද්දී කො..කොන්ද වැදුනා ඩොක්ටර් ...."
මහේස්ත්‍රාත් - මේ මරණෙ ගැන සැකකටයුතු කවුරුහරි ඉන්නවද ?
මව - මොන සැකයක්ද බුදු සෑර්, එයැයිගේ කසාද මිනිහා මිසක්කා "
මව - මොන සැකයක්ද බුදු සෑර්, එයැයිගේ කසාද මිනිහා මිසක්කා "
- ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද
Comments
Post a Comment