Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

වියට්නාමයේ දුර දැකීමේ ශක්තිය හා අපේ අවිදුර දෘෂ්ඨිකත්වය.

1986 තෙක්ම පහළ ආර්ථිකයක් ඇති තුන්වන ලෝකයේ නොදියුණු රටක්ව පැවති වියට්නාමය, 1986 දී දේශපාලනික හා ආර්ථික වශයෙන් නව පදනමක් (New system - Doi Moi)  ස්ථාපනය කිරීමත් සමගම විශාල  පරිවර්තනයකට ලක්වූ රටක් ලෙසින් අප හැඳින සිටිමු. එසේ ලද පුනර්ජීවය ඔවුන් අත්පත් කරගන්නේ  තම  දේශීය ආර්ථිකය ගොඩනංවන අතරේම, විශාල විදේශ ආයෝජන රටට කැඳවාගෙන එමට  හැකිවීම නිසා රටේ නිස්පාධන ධාරිතාව ඉහල නැංවීමට ඔවුන් සමත්වීමෙනි. වියට්නාම ආර්ථිකය විශාල පෙරලියකයට  ලක්කළ මෙකී අන්තර් දේශසීමා වෙළෙඳ ගණුදෙනුවේදී ඔවුන් මෙතරම් සාර්ථක ප්‍රතිපල නෙලාගැනීමේ රහස කුමක්දැයි රටක් ලෙසින් අප විසින් විමසා බැලීම වටීන්නේ, වියට්නාම් පුනර්ජිවයට පෙර ඔවුන් සංසන්දනාත්මකව අපට වඩා දල ජාතික නිස්පාධානය, විදේශ විනිමය හා ඒක පුද්ගල ආදායම ආදී රටක ආර්ථික වටිනාකම් තක්සේරු කරන්නාවූ සියලු සාධක අතින් පහළ තත්වයක ස්ථානගතව සිටි බැවිනි.

ඔවුන් අත්කරගෙන ඇති විශිස්ට සාර්තකත්වයට හෙතුපාද වූ විවිධ සාධක අතුරින් මේ සඳහා මුලික  වශයෙන් බලපානුලැබූ සාධකය වන්නේ ඔවුන් පවත්වාගත් ස්ථිර වෙළඳ ප්‍රතිපත්ති බව විදෙස් දේශපාලන  විශ්ලේෂකයින් විසින් පෙන්වා දෙයි. මන්ද, සාධනීය වෙළෙඳ ගණුදෙනුවක් සඳහා මුල්වන්නාවූ මූලික ලක්ෂණ පහ සාර්ථක හා වගකීම්සහගත ලෙස  පවත්වාගෙන යාමට ඔවුන්  සමත්වීමයි. එකී වෙළෙඳ ප්‍රතිපත්ති වන්නේ, විනිවිදභාවය, සත්‍යයගරුබව, විස්වාසය සුරැකීම, ඉහල තාක්ෂණය හා නිපුණත්වය යන සාධක පහයි. මේ සඳහා වියට්නාම් රජය විදිමත් හා ස්ථීර ප්‍රතිපත්ති ඔස්සේ ක්‍රියාකිරීම විදෙස් ආයෝජකයින් ඔවුන් කරා වඩ වඩාත් ආකර්ෂණය වීමට පසුබිම සකස්කරවන  ලදී. එවන් පසුබිමක්‌ තුළින් ලෝකයේ ශීග්‍රයෙන් වර්ධනය වන ආර්ථිකයක් ඇති රටවල් අතර දැනටමත් ඉදිරිපෙළ සිටගැනීමට සමත්ව සිටින වියට්නාමය, 2050 වනවිට ලෝකයේ වඩාත් දියුණු රටවල් 20 අතරට පැමිණෙනු ඇතිබව ලෝක ආර්ථික නිරීක්ෂණ තුළින් මත ඵළවේ. 

එපමණක් නොව, මේ මොහොත තුළ ලෝකයේ බලවත් සේම ධනවත් රටවල් ගණනාවක් බිමට ඇදදමා ඇති කෝවිඩ් 19 වසංගතයද  ඉතා දක්‍ෂ හා නුවනක්කාරීලෙස  මර්ධනයකිරීමට ඔවුන් සමත්ව සිටිති. ඒ අනුව, දකුණු ආසියාවේ කෝවිඩ් වසංගතය පරාජය කිරීමේ මෙහෙයුමේ පෙරමුණටම මේ මොහොත වනවිට පැමිණි තිබෙන වියට්නාමය,  ආසාධිතයින් 268 වැනි සුළු ප්‍රමාණයකින් රෝගය පැතිරීම පාලනයකරගත් රටක් ලෙස පමණක් නොව කිසිඳු කෝවිඩ් මරණයක් වාර්තා නොවූ ලෝකයේ රටවල් අතලොස්ස අතරටද ඔවුන් එකතු වී ඇත. මේ සියලු ජයග්‍රහණ ඕපපාතික ඒවා නොවන අතර, මේ සියල්ල පසුපස ඇත්තේ ඔවුන් සතු දුර දක්නා නුවණ, ක්‍රමවත් සැලසුම්කරණය සේම, දිගුකාලීන ස්ථිර ප්‍රතිපත්ති අනුගමනය කිරීම ආදී, රටක ජාතික වගකීමට මුල්තැන ලබාදීම මිස පෞද්ගලික දේශපාලන න්‍යායපත්‍ර සඳහා ප්‍රමුඛ තැන නොදීමේ පදනමයි. 

- ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද 

Comments