Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

කෝවිඩ් වසංගතයේ නිමාව හමුවේද?

මාරාන්තික කෝවිඩ් -19 වෛරසයෙන් මිදීමේ සටනේ ලොව පුරා වෛද්‍ය විශේසඥයින්, විද්‍යාඥයින් සේම සෞඛ්‍ය බලධාරීන්ද පසුගිය මාස කිහිපයේ සිට මේ දක්වාම දිවා - රෑ නොතකා පර්යේෂණ කටයුතු වළ නිරත වන බව අපි දනිමු. එකී කැපවීම්වළ කිසියම් සාධනීය පළ දැරීමක් මේ වනවිට පෙන්නුම් කරමින් ඇති බව රටවල් කිහිපයකින්ම වාර්තා වන අතර, මෙකී වෛද්‍ය පරීක්ෂණ ප්‍රතිපල අතුරින්, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය විෂය සම්බන්ද මහාචාර්යවරියක් වන සරා ගිල්බර්ට් (Sarah Gillbert) විසින් සොයාගෙන ඇති එන්නතක් මුල් තැන් ගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය විසින් හෙළිදරවු කරයි. මෙකී ඖශදයේ පුර්ව රසායනාගාර පරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධානත්වය දරා ඇති මහාචාර්ය සරා ගිල්බර්ට්,  ඉන්ෆ්ලුවෙන්සා වෛරස සඳහාම පුහුණුව ලැබු විශේෂඥවරියක් වන අතර, මහාචාර්යවරිය පවසන්නේ දැනට අවසාන පර්යේෂණ අදියරේ පවතින මෙකී එන්නත 80% ක සාර්ථක ප්‍රතිපල අත්කර දෙනුඇති බවට ඔවුන් විස්වාස කරන බවයි. යම් හෙයකින් මෙහි සාර්ථක ප්‍රතිපල නෙලාගැනීමට ලෝක සෞඛ්‍ය බලධාරීන් සමත් වුවහොත්, මේ වසර අවසන් වීමට පෙර මෙම වෛරස භීතිකාවෙන් මිදීමේ අවස්ථාව ලෝකවාසින් විසින් අත්කරගනු ඇත. 

Comments