Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

කර්කශ පීඩාව සහ ෆැන්ටසි ප්‍රමෝදය.


ඔබ අකමැති දේවල් කරන්නට සිදු වන අවස්ථා වල පෙලෙන නොසන්සුන්තාවය ඔබ අත් විඳ ඇතුවාට සැකයක් නැහැඑයට හේතුවක් තිනයනවාආතතිය කියන්නේ සරළව කිව්වොත් අප කැමැති දේවල් සිදු නොවී අප අකමැති දේවල් සිදු වන විට එය අප දරා ගන්නට නොහැකි වීම. ඉතිිං මෙවැනි තත්වයක්තුල අප බොහෝ සේ නොසන්සුන් වන අතර අපගේ එදිනනදා සාමන්‍ය ජීවන කටයුතු සියල්ල බිඳී විසිරී යනවාඅප මේ ගෙවන්නේ එවන් සංක්‍රාන්ති කාලයක්. අපට රූපවාහිනිය දැම්මත්... ගුවන් විදුලිය දැම්මත් දකින්න වෙන්නේ අහන්න වෙන්නේ ඒක පාර්ශවීය තොරතුරු විතරයිහැම දෙයක්ම සාමාන්‍ය විදියට වෙනවාබස් වැඩ කරනවාමිනිස්සු සංවරයිකියන විදිහට මීටරයක මිනිස්සු අතර පරතරයක් තිනයනවාසල්පිල්වල භාණ්ඩ හිඟයක් නැතිව තියෙනවාරජයෙන් දෙන රුපියල් 5000 නිසා ගෙවල් වල කෑම බීම හිඟයක් නැහැ. බෙහෙත් ගෙදරටම ගෙනත් දෙනවා මදිවට ආතතිය යන්න කියලා ගේ දොරකඩටම ඇවිත් රජයේ හමුදාවල සංගීත කණ්ඩාම් සින්දු කියනවාවෛද්‍ය විද්‍යාව ගැන පුරෝකථනය කරන්න පුළුවන් සෞඛ්‍ය ඇමතිනියක් ඉන්නවාආර්ථිකය කඩා වැඩුනට අපගේ පාලකයෝ නිසා තිස්තුන් කෝටියක් දෙවිවරු අප දිහා බලනවාකිසිම කෙනෙක් බඩගින්නේ තියන්නේ නැහැඅනික කඩදාසි වල, කාමරවල ගොවිතැන් ගැන වගා සංග්‍රාම ගැන ගොඩක් දේවල් ගොඩනැනගනවාලියැවෙනවාකයිවාරු ගහනවා

තවම ලංකාවේ පිපුනේ නැත්තේ සකුරා මල් විතරයිඒත් ලංකාවේ මිනිස්සු කැමති නම්, එයාලගේ ආතතිය දුරු වෙනවා නම්, සකුරා ගස්පිටින් උගුල්ලලා ගෙත් හිටවන්නවුනත් රජය ලෑස්තියි වෙනුවෙන් රජයේ ගුවන් යානාවක් යවන්න පුළුවන්මාධ්‍ය වලින් ලස්සන නමත් දාලා හොරණෑ මාධ්‍ය වලින් ගැන සජීව විකාශයක් කරන්න පුළුවන්ලස්සන තෙමා වාදනයක් දාලා ගැන නවතම වැඩසටහන් කරන්න පුළුවන්. මේ කිසිම දෙයක් ආන්ඩුවට විරුද්දව කරන ප්‍රකාශ හෙම නෙවෙයි. මේ සියලු දේ නව සංවර්ධන යෝජනා මිසක වෙන කිසිවක් නොවේ.

ආතතිය තියෙ කෙනෙක් කැමති ෆැන්ටසියක් ඇතුලේ ජීවත් වෙන්නඑතකොට එයාට ගේ ඇතුලේ අඩුපාඩු පේන්නේ නැහැඑයා හිතනවා එයාගේ ගෙදර සේරම දෙවල් වලින් පිරිලා තියෙන්නේ කියලාඑයාට මේ විවේකයක් ලැබිලා තියෙන්නේ කියලාඑයාට පාරවල්  වල පරන රෙදි වලින් මුකවාඩම් බැඳගෙ ඉන්න මිනිස්සු පේන්නේ නැහැතමන්නේ ආත්ම ගෞරවය පැත්තකින් තියලා රුපියල් 5000 ගන්න ගිහින් සමෘධි නිළධාරීන් ඉදිරියේ බාල්දු වෙන තමන්නේ ගම් වල හිටපු ගෞරවණීය මිනිස්සු පේන්නේ නැතිව යනවාදියවැඩියාවට බෙහෙත් ගන්න ගියපු අම්මා බොහෝම දුකින් පැත්තකට වෙලා කල්පනා කරනවා පේන්නේ නැතිව යනවා. ඉල්ලන බෙහෙත් වෙනුවට වෙනත් බෙහෙතක් ගෙනත් දීලා මේක අමාරු කාලයක් කියන රජයේ නිළධාරීන්නේ කර්කශ වදන් ඇහෙන්නේ නැතිව යනවාබස්වල පෝලිම් වල ඉඳලාත් බස්එකකට නැගගන්න බැරිව වද විඳින මිනිස්සුන්නේ වෙහෙසකර මුහුණු අමතක වෙලා යනවාකලාව ගැන කිසිම දෙයක් දන්නේ නැති වෛද්‍ය අතකින් පාලනය කරන රූපවාහිනියෙන් පෙන්නන බාල විදිහේ අවර ගනයේ විහිළු වැඩසටහන් නිසා විනාශ වෙලා යන ගුවන් කාලය අමතක වෙනවා.  විතරක් නෙමෙයි මේ වෙලාවේ ගෙවල් වලට වෙලා ඉන්නේ එහෙම අවර ගණයේ වැඩසටහන් රස විඳින්න කැමති අය විතරක් නෙමෙයි  කියලා අමතක වෙනවායමක් කමක් තියෙන පෝසත්  ඉස්කෝල වල ළමයි වෙනුවෙන් අන්තර්ජාලනයන් උගන්වනකොට කිසි දෙයක් නැති ගමේ ළමයි ගෙවල් ඇතුලේ බඩගින්නේ බලාගෙන ඉන්න බව අමතක වෙනවා. ෆැන්ටසිය ඇතුලේ හිරවෙලා ඉන්නකොට කිසිම දෙයක් පේන්නේ නැති මේ මානසික හිරිවැටිල්ල මිනිස්සු කැමති වෙන්න පුලුවන්. එතකොට ඉහත සදහන් සමාජ සත්තාවන් ඉබේම සාධාරනීකරනය වෙනවා. 

මනෝ උපදේශක, අමා දිසානායක.


➤ මෙය, දේශපාලන මති මතාන්තර, අදහස් හා සංවාද සදහා වෙන්වූ නිදහස් අවකාශයක් වන අතර, මෙහි ප්‍රකාශයට පත්වන ලිඛිත සහ ඩිජිටල් ලේඛන තුල අන්තර්ගත අදහස්, අදාල ලේඛකයාගේ ස්වීය ප්‍රකාශනයක් ලෙසින් ඉදිරිපත්වන බව කරුණාවෙන් සලකන්න. 


Comments