Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

''යුධ ජයග්‍රහණ සමරනවට වඩා, යලි යුද්දයක් ඇති නොවන සමාජයක් ගොඩනැගීම වැදගත්''

ශ්‍රී ලංකාව තුල පැවතියේ සිවිල් යුද්දයක් බවත්, එහි ජයග්‍රහණ සැමරීමට වඩා වැදගත් වන්නේ යලි මෙරට තුළ යුද්දයක් ඇතිවීමට බලපෑ හැකි දේශපාලන හා සමාජීය කාරණා අවබෝධ කර ගනිමින්, එවැනි යුද්ධයක් යළි ඇති නොවන්නට වග බලා ගැනීම බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

''මේ රටේ තිබුනේ සිවිල් යුද්ධයක්. අප රට තුලම තිබුන යුද්දයක්. මේ යුද්දයෙන් මැරුණේ දෙපැත්තෙම ඉන්න ශ්‍රී ලාංකිකයෝ. අපේ විරෝධාර රණවිරුවො අපේ කොල්ලෝ... අර උතුරේ මැරුනේ ප්‍රභාකරන්ට රැවටිලා ප්‍රභාකරන්ගේ බලහත්කාරකම් වලට ලක් වුනෙත් ශ්‍රී ලාංකීය කොල්ලෝ කෙල්ලෝ.

ශ්‍රී ලාංකීය කොල්ලන්ගේ ජිවිත දහස් ගානක් අහිමි කරපු යුද්දය සමරනවා වෙනුවට එවැනි යුද්ධයක් ඇති නොවෙන්න වගබලා ගන්න එකයි අප කල යුත්තේ. " යයි හිටපු මුදල් ඇමතිවරයා පැවසුයේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමක් මත ඊයේ  (19) 'හතර වන තට්ටුවට' ගොස් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු ඉන් පිටතට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදියකු කළ විමසීමේදීය.

''විජයග්‍රහනයට අවුරුදු 11ක් ගිහිල්ලා. ඒකට ඔබතුමා සහභාගි වෙනවද? ඔබතුමාට අරාධනා කලේ නැද්ද? යයි මාධ්‍යවේදියා කළ විමසීමේදී එසේ පැවසු මංගල සමරවීර තවදුරටත් මෙසේද සඳහන් කළේය.

''යුධ ජයග්‍රහනයට අවුරුදු 11යි.  ඇත්ත වශයෙන්ම එල්ටීටී සංවිධානය වැනි කුරිරු ම්ලේච්ජ සංවිධානයක් පරාජය කිරීම ගැන අපි හැම කෙනෙක්ම සන්තෝෂ වෙනවා. මොකද අද මේ ඉන්න ඇතැමුන්ට වඩා එදා එල්ටීටීඊ සංවිධානයට විරුද්ධව කතා කරලා මරණීය තර්ජය තිබුණ මනුස්සයෙක් මම.

''එල්ටීටීඊ සංවිධානය යුරෝපයේ 2006දී තහනම් කරන්න මැදිහත් වුනේ මම විදේශ ඇමතිවරයා හැටියට ඉන්නකොට.  ඒ වගේම සුදු නෙළුම් ව්‍යාපාරය හරහා මම එල්ටීටීඊ සංවිධානයට විරුද්ධව යාපනයේ ජනතාවට කතා කරපු නිසා 2000දි මටත් තවත් ඇමතිවරු හතර දෙනෙකුට මරණිය තර්ජන එල්ලවෙලා තිබුනා.''

මොකද එල්ටීටීඊ සංවිධානය යුරෝපයේ 2006දී තහනම් කරන්න මැදිහත් වුනේ මම විදේශ ඇමතිවරයා හැටියට ඉන්නකොට.  ඒ වගේම සුදු නෙළුම් ව්‍යාපාරය හරහා මම එල්ටීටීඊ සංවිධානයට විරුද්ධව යාපනයේ ජනතාවට කතා කරපු නිසා 2000දි මටත් තවත් ඇමතිවරු හතර දෙනෙකුට මරණිය තර්ජන එල්ලවෙලා තිබුනා. ඡන්ද විමසීමක් පැවති ඒ අවස්ථාවේ හිටපු ජනාධිපතිනියත් අපි ඇමතිවරුන් හතර දෙනාටත් ඡන්දේ දාන්න ඡන්ද පොළට යන්න එපැයි කියලා ජාතික හා ජාත්‍යන්තර බුද්ධි අංශ දැනුම්දීමක් කරලා තිබුනා. අපිට කිව්වා මාව මරන්න ඉන්නවායි කියලා එල්ටීටීඊ එකෙන්.

ඒ නිසා අපි එල්ටීටී පරාජය ගැන සතුටු වුනත්, ඇත්ත වශයෙන්ම ඒ පරාජයත් සමග මේ රටේ සිංහල මුස්ලිම් දෙමළ ජනතාව එකට එකතු කරනවා වෙනුවට ඒ යුධ ජයග්‍රාහිකයෝ එදා කලේ මොකක්ද ? මේ රට තුල ජාතිවාදය රජ කරවන එක. ඔවුන් යලි වතාවක් අවුරුදු 5කට පස්සේ ඇවිල්ලා මේ රට තුළ සිංහල, දෙමළ, මුස්ලිම්,  බේද උත්සන්න කරමින් තිබෙන මොහොතක් ... ''

උපුටාගැනීම  The Leader වෙබ් අඩවියෙනි.

Link - blob:https://www.facebook.com/4bd42892-24f1-430f-8b03-a0fa94595817 

Comments