Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

වඩා වැදගත්, මිලියන 22ක් වු ජනතාවද, මිලියන 15ක් වු චන්දදායකත්වයද, 225 ක් වු දේශපාලන නියෝජිත බලයද?


http://www.epid.gov.lk/
වෙබ් අඩවියේ දක්වා ඇති කෝවිඩ් ආසාධිත 
රෝගීන්ගේ වර්ධනය දැක්වෙන ප්‍රස්ථාරය.


දීර්ඝ ලොක් ඩවුනය 11 දා සිට ලිහිල් වන ලකුනු පෙනේ. මම එයට කැමතිය. ඒ රටේ ආර්ථිකය බේරා ගැනීමටය. මිනිසා සහ වයිරසය අතර සටන මිනිසාගේ සම්භවය දක්වා ඈතට දිව යන්නේය. ඉතිහාසයේ සැම අවස්ථාවකම වයිරසය මිනිසාගේ සාමුහික කුසලතාවය (ingenuity) හමුවේ පරාජය වුයේය. මෙවරත් නිසැකවම මානවයා ජයගනු ඇත. නමුත් ඒ සඳහා තව ටික කලක් ගතවීමට නියමිතය. වසුරිය, ස්පැනිශ් ෆ්ලු, පෝලියෝ සරම්ප, සාර්ස්, මාර්ස්, ඉබෝලා එලෙස සාමුහිකව මානව කුසලතාවයෙන් ජයග්‍රහනය කරනු ලැබු අවස්ථාය. ලෝකය සැමදා මානවයාගේ සාමුහික ඥානය හා කුසලතාවය යොදා අභියෝග ජයගන්නා විට, ලංකාවේ එය සිදුවන්නේ රාජපක්ෂවරුන්ගේ කුසලතාවයට පින්සිදු වන්නටය. ඒ නිසා රාජපක්ෂවරුන්ගේ පාලනය යටතේ සිදුවන සාර්ථක කොරෝනා වසංගත පාලනය හා නිරෝධායන පිලිවෙත පිලිබඳව යමක් කිව යුතුව තිබේ.(දේශපාලනික ව නොවේ)

අප මුල් සිතුවිල්ලේ දී සඳහන් කල පරිදි අපට වැදගත් වන්නේ දත්ත (facts)සහ සත්‍යය (truth) පමනකි. 11 දා අප ලොක් ඩවුනය ලිහිල් කරන්නේ වක්‍රය (curve) සමතලා වු පදනමකින් නොවේ. එය පලමු රෝගියා හඳුනාගත් දින සිට අද දක්වා ඉහලට ඇදීයමින් පවතී. දෙරන මගින් පෙන්වන කුමන හෝ ග්‍රාෆීය ප්‍රස්ථාරයක් (graphic char)මගින් හෝ මෙම සත්‍ය වසන් කිරීමට හැකිවන්නේ නැත. එසේම ඊයේ රාජගිරියෙන් කොලොන්නාවෙන් හා මෝදරින් හමුවු රෝගීන් මගින් පෙන්නුම් කරන්නේ ආන්ඩුවේ ක්ලස්ටර් තියරිය (cluster theory) (31/29!) ශක්තිමත් හයිපොතීසීයක් (Hypothesis) නොවන බවය. එමගින් වසංගතය පාලනය කිරීමට අදාලව බරපතල තර්කයක සපයන්නේ නැත.

වසංගතය පාලනය කිරීමට තීන්දු තීරන ගන්නන්ට විද්‍යාව පිලිබඳ දැනුමට අමතරව ඉතිහාසය පිලිබඳව දැනුම ද අවශ්‍ය වන්නේය. එ අතර ලෝක ඉතිහාසයද අතිශය වැදගත් වන්නේය. ඊට අමතරව රටක සමාජ ඉතිහාසයද වැදගත් වන්නේය. අවාසනාවකට අපේ රටේ, සිංහල රාජාවලියට අමතරව ඉතිහාසය ලෙස කිසිවක් උගන්වන්නේ නැති නිසා ලෝක ඉතිහාසය හෝ සමාජ ඉතිහාසය පිලිබඳව අපට තිබිය හැක්කේ අල්ප අදහසකි. දේශපාලනය කරන අයට මේ පිලිබඳව වගක් වත් නැති බව පෙනෙන්නට තිබේ. මාගේ ප්‍රාර්ථනය විද්‍යාඥයන්ට මෙවැනි ඉතිහාසය පිලිබඳ ඉතිහාසමය දැනුමක් තිබේවා යන්නය. නමුත් වෛද්‍ය අනිල් ජයසිංහ මහතා චන්ද කොමිසමට චන්දය පැවැත්වීමට අදාලව ලබා දී ඇති උපදෙස් මගින් පෙනෙන්නේ, ඔවුන් හට එවැනි දැනුමක් නැති බවය.

ලොක් ඩවුනයෙන් ඉවත්වීමේදී අපට ආභාෂයක් ලබා ගතහැකි ගෝලීය සේම  දේශීය උදාහරන දෙකක් වේයයි මම සිතමි. එකක් 1918 සිදුවු  Spanish flue (H1N1) නැමැති වසංගතයයි. අනෙක ලංකාවේ 1930 ගනන් වල පැතිර ගිය මැලේරියා වසංගතයයි. සුරියමල් ව්‍යපාරයට අදාල ලියවිල්ලක හැරෙන්නට වෙනත් කිසිදු ලියවිල්ලක් මගින් ලංකාව මෙම වසංගතයට මුහුන දුන් අයුරු පිලිබඳ කරුනු නොදක්වයි. නමුත් පවතින මුලාශ්‍ර පෙන්වන්නේ එවකට මිලියන 5 ක් පමන වු සමස්ත ජනගහනයෙන් 90,000 පමන ජනයා මිය ගිය බවකි. සබරගමුව පලාතට ඉන්  දරුනුම විනාශය සිදුවු බවය. ජනගහනය මිලියන 5 කින් 90,000 මිය යෑම බරපතල වේ. 1918 දි පැතිරගිය ඉන්ෆලුවන්සා වසංගතය ලෝකයේ ජනගහනයෙන් මිලියන 500 කට ආසාදනය වු අතර ඉන් මිලියන 50 ක් මරනයට පත්වු බව කියැවේ. අමරිකවේ පමනක් 650,000 මිය ගොස් ඇති බව වාර්තාවන්නේය.

මැයි 11 දා රට අරින විට අතීතයේ මැලේරියා වසංගතය තුලින් වු විනාශයවත් නොවී ඇති නිසාත්, අඩුතරමින්  රටතුල ඩෙංගු ඇතුලු අනෙක් රෝග වලින් වාර්ශිකව  මිය යන ප්‍රමානය සැලකිල්ලට ගත්තද එලෙස බරපතල නොවේ යැයි සලකන නිසා,  මෙවර ලිහිල් කිරීම එතරම් අනතුරු දායක නොවන බවට විස්වාස කරන බවක් පෙන්නුම් වේ. එහෙත්, මාගේ මතය වන්නේ රට අරින්නට වෙන්නේ අති බරපතල අවදානමක් අතේ තබා ගෙන බවය. රජය ඒ බව (තීරනයේ ආවස්තථික පිරිවැය)ජනතාවට පැහැදිලි කර දිය යුතුව තිබේ.

මේ සම්බන්දව අපට කියා දෙන්නේ 1918 දී ඉන්ෆලුවන්සාවට මුහුන දුන් අමරිකාවේ මිසෝරි හි ශාන්ත ලුවිස් නුවර ජනතාව උදාහරණයට ගන්නා ලෙසයි. එම නුවර ජනතාව සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් නිසි ලෙස වසංගතය කලමනාකර ගත්තේය. පිලඩෙල්ෆියාවේ ලක්ෂ ගනනක් වසංගතයට ගොදුරුවී මරනය වැලඳ ගනිද්දී, ශාන්ත ලුවිස් නගරය වසංගතය මනා ලෙස පාලනය කරගත්තේය. නමුත් ආර්ථික පීඩනය හමුවේ ශාන්ත ලුවිස් පාලකයන්ට එහි පවත්වාගෙන යනු ලැබු සමාජ දුරස්ත භාවය ලිහිල් කරන්නට සිදුවිය. එහි ප්‍රතිපලය වුයේ තමන් එතෙක් දිනා ගත් ජයග්‍රහනයන් කඩා බිඳ දමමින් වසංගතය ශීග්‍රයෙන් ව්‍යාප්තවීමයි.

ඒ අනුව මට සිතෙන්නේ මැයි 11 දා රට විවෘත කිරීමෙන් පසුව අපට දෙවන වසංගත ව්‍යාප්තියේ රැල්ලට මුහුනදීමේ සම්භාවිතයක් තිබෙන බවය. දැනට විද්‍යාඥයින් පවසන පරිදි එන්නතක් සොයාගැනීමෙන් ප්‍රශ්නය විසඳා ගැනීමට 2020 දෙසැම්බර් දක්වා කල් ගතවනු ඇත. එතෙක් අපට විශ්වාසය තැබිය හැක්ක අපගේ ස්වාභාවික ප්‍රතිශක්තිකරනයට හා සමාජ දුරස්තභාවය පවත්වාගෙන යාම පිලිබඳවයි.

එසේ ප්‍රශස්ථ වසංගත පාලනයක යෙදෙමින් සිටින විටදී  පවා,  වසංගතයේ දෙවන රැල්ල ඇතිවිය හැකි යයි පුර්වේක්ෂනය කරනවිට, සමාජ දුරස්තභාවය පුර්න ලෙස පරාජය කල හැකිවන පරිද්දෙන් චන්දයක් පැවැත්වීමෙන් ඇතිවිය හැකි විනාශය සිතාගත නොහැකිතරම්ය. මේ පිලිබඳවද අපට උදාහරන ලබාගත හැක්කේ 1918 දි ඉන්ෆලුවන්සා වසංගතයට මුහුන දුන් ෆිලඩෙල්ෆියා පාලකයන් ගේ අමන ක්‍රියාකලාපයයි. ඔවුන් වසංගතය ව්‍යාප්තවන කාලය අතරේ නුවර තුල දැවැන්ත පෙල පාලියක් හා සැනකෙලියක් සංවිධානය කිරීමට කටයුතු කල අතර ඒ නිසා සිදුවු වසංගත ව්‍යාප්තිය අතිමහත් වුයේය. ඒ නිසාම ඉතිහාසයේ සිදුකල මෝඩකම පිලිබඳව ඉතිහාසයෙන් ලබාදෙන පාඩමක් ලෙසින් අදත් වසංගත විද්‍යාව හදාරන ශිෂ්‍යයින්ට  ෆිලඩෙපෆියාවේ පාඩම ගෙනහැර දක්වන්නේ මතුවටත් එවැනි අමනකම්  සිදුනොකරන්නටය.

ලංකාවේ දී එම අමනකම සිදුවේද නැද්ද යන්න අනාගතයෙදී අත්විඳින්නට සිදුවනු ඇති යතාර්ථයකි. අප වසංගතය පාලනය සඳහා පාදක කරගත යුත්තේ ආර්ථික පැවැත්ම මිස ජෛව පැවත්ම නොවේ යයි මට සිතේ. කොරෝනා පවුල ලොකු පවුලකි. (HCOV-OC43,299E,NL63,HKU1, MERS,SARAS) එමගින්  මානවයාට සදාකාලික තර්ජනයක් ඇතිවිය හැකිව තිබේ. ප්‍රතිකාරයට වඩා නිවාරණය වැදගත් යන කියමනට අනුව, අප කටයුතු කරන්නේ නම් මානවයන් ලෙස අප කලයුතුව තිබෙන්නේ අපට එරෙහිව වෛරස් නිර්මානය වීම වලක්වා ගැනීමයි.

අපට එය සිදු කල හැක්කේ සතුන් ගේ දේහයන් තුල සිටින වෛරසයන් ස්වභාවිකව වෙනස්වන්නට ඉඩ තබා  (mutate වී)මිනිස් ශරීරය තුල ආසාධනය වීමට ඇති ඉඩකඩ ඇහිරීමයි. (ට්‍රම්ප් මොන කතා කීවත් කොවිඩ් 19 පරිනාමය වී ඇත්තේ වවුලන් ගේ ඇඟේ සිටි BATCoroneRATG13 වයිරසය බව දැන් තහවුරු කරගෙන තිබේ) එ නිසා සත්ව මාංශ වෙලඳාම විද්‍යාත්මකව සෞඛ්‍යසම්පන්න දැයි නියාමනය කලයුතුව තිබේ. (ආගමික හේතු මත තහනම් කිරීමට මා  එකඟ නැත)

දෙවැනි නිවාරනය අද අප සිදුකරන්නාවු දෙයයි. එහිලා අප තේරුම් ගතයුත්තේ වසංගතයකට දෙනු ලබන නිර්වචනයයි. වසංගතයක් බව තීරනය කරන්නේ එහි ව්‍යාප්තිය හා මරණ ප්‍රතිශතය මතය. එම නිර්නායකයට අනුව අප මුහුන දෙන්නේ 1918 ස්පැනිශ් ඉන්ෆ්ලුවන්සාවට වඩා අඩු ව්‍යාප්තියක් හා මරන ගෙනදෙන වයිරසයකටය. අතීතයේදී අප මුහුන දුන් වසුරිය සරම්ප හා පෝලියෝ මීට වඩා බරපතල වසංගත වන්නේය. එනිසා මැයි 11 දා සිට තාර්කික ව්‍යායාමයක යෙදෙන්නේ නම් අපට දෙසැම්බර් වන තෙක් ක්‍රිකට් ක්‍රීඩාවේ කියන අන්දමින් " night watchman" කෙනෙකු ලෙසට හැසිරෙන්නට පුලුවන්කම තිබේනම්  ජාමය බේරාගත හැකිවනු ඇත. නැත්නම් ගහපු බෙරයක් හෝ බෙරේ පලුවක් හෝ සොයාගන්නට නොහැකිවනු ඇත. මෙවැනි අවදානමක් ගෙන රට අරින සමාජයක්  තුල ගොඩදාන්න තරම් වු ආර්ථිකයක් ද ඉතිරිව නැති බවත් අප තේරුම් ගත යුතුව තබේ. එසේ ගොඩනැගීමේ රාජ්‍ය සේවයටද කල හැකි ප්‍රාතිහාර්යක් නැත්තේමය.

එහෙනම් අවසන් වශයෙන් අසන්නට ඇත්තේ එක් තීරණාත්මක ප්‍රශ්නයකි. ඒ, "රට ඇරලා ගන්න හදන දෙයයි, රට ඇරලා නැතිකරගන්න හදන දෙයයි එක සමානද?" යන්නය. 

නීතිඥ, ශිරාල් ලක්තිලක 

Comments