Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

97% Owned - Money: Root of the social and financial crisis | Free Documentary.

මුදල් යනු කුමක්ද? 

මොනිටරිසම් (Monetarism) න්‍යාය ලොවට හඳුන්වා දුන්  ඇමෙරිකානු ආර්ථික විශේෂඥ මිල්ටන් ෆ්‍රීඩ්මන් (Milton Friedman) විසින්, "මේ කොළපැහැ කරදහි වල වටිනාකම කුමක්දැ" යි ප්‍රශ්න කරයි. විවෘත වෙළෙපොළ තුළ පවතින අති ධාවනකාරී මුල්‍ය සංචරණයට එරෙහිව මත පලකරන ඔහු, කුඩා රාජ්‍ය තුළ සෙමෙන් වැඩෙන ශක්තිමත් ප්‍රාග්ධන රටාව කෙරෙහි විස්වාස තැබුවෙකි. මුදලේ අගය හා වෙළඳපළ බලවේග විසින් රාජ්‍යයන් මෙහෙයවීමට එරෙහිවු ෆ්‍රීඩ්මන්, කොළපාට කරදාසි හෙවත් මුදල් නෝට්ටු දෙස බැලුවේ හිතුවක්කාරයෙකු සැහැල්ලුවට ලක්කරන ආකාරයනි.

ඉතිහාසයයේ භාණ්ඩ හුවමාරු යුගයේ සිට  නිදහස් වෙළඳපළ ආර්ථිකයක් දක්වා පැමිණි "මුදල්"  (Money),  රටක් තුළ අභ්‍යන්තරික වශයෙන් සංසරණය වන්නාවූ ද්‍රව වත්කම් වල සිට, ජාත්‍යන්තරය සමග ඇතිකරගන්නා අන්තර් සබඳතාවයට අදාළව හුවමාරු වන  " විනිමය " (Currancy) දක්වා වර්ධනය වී , තවදුරටත් කාසි හා නෝට්ටු යන ස්වරුපයෙන් පවතින භාවිත මුදල්, චෙක් පත් හා බැංකු ගිණුම් පත් බවට පරිවර්තනය වු අවධියද අතික්‍රමණය කරමින්, වර්තමානයේ  "ඩිජිටල් මුදල් " ලෙස ක්‍රෙඩිට් කාඩ් ඔස්සේ හුවමාරු වන අදියරක මේ මොහොත වන විට නතරව ඇත. පුලුල් වෙළඳපල තුල මුදල් ගනුදෙනුව, කොටස් වෙළඳපල හා බැඳුම්කර බිල්පත් දක්වාත් විස්තාරණය වන අදෘශ්‍යමාන ද්‍රව වත්කම්,  ඒ පමණකින්ද නතර නොවී, " Big Coin " ලෙසින් නිත්‍යානුකූල නොවන ගණුදෙනු සඳහා භාවිතා වන අභව්‍ය මුදල් වත්කම් තෙක් (රාජ්‍ය මෙහෙයුමෙන් හා බැකු පද්ධතියෙන් බැහැරව) ලොව තුළ සංසරනය වෙයි. ඒවා බහුලව මත්ද්‍රව්‍ය ජාවාරම් වෙනුවෙන් යොදාගැනෙන අතර, ඇතැම් ජාත්‍යන්තර තැරැව්කරුවන් එකී මුදල් ඒකක රහස්‍ය  වත්කම් ලෙසින් තබාගැනීමට කැමැත්තක් දක්වන්නේ,  ඒ සඳහා අදෘශ්‍යමාන වෙලඳපළ අගයක්‌ ඇති නිසා පමණක් නොව, එකී වත්කම් කිසිදු බදු ක්‍රමයකට යටත් නොවන බැවිනි. 

18 වන සියවසේදී  තෝමස් රොබර්ටි මැල්තස් (Thomas Robert Malthus) කියා සිටියේ ලෝකයේ ආර්ථික  අසමතුලිතතාවය මර්ධනය කිරීමට ඇති එකම මාර්ගය, පොහොසතුන් අත ඇති අතිරික්ත මුදල් ප්‍රමාණයෙන් කොටසක්‌ දුප්පතුන් අතරේ බෙදා දීමේ ක්‍රමවේදයක්‌ ඇති කිරීම පමණක් බවයි. එහෙත්, එදා මැල්තස් ඒ යෝජනාව ගෙනෙන විට ලෝක ජනගහනය බිලියන 1ක් වුවත්, මේ වන විට එය බිලියන 7ක්‌ ඉක්මවා වර්ධනය වී තිබීම තුල, ඒ යෝජනාව එදාටත් වඩා වැඩි  උත්ප්‍රාසයක්‌ දැනවීමට අද සමත් වේ. 

ආර්ථික විද්‍යාවේ පියා ලෙස හැඳින්වෙන ඇඩම ස්මිත් විසින් 1776 දි "අදෘශ්‍යාමාන හස්තයක්‌ විසින් නිදහස් වෙලඳපොළ හසුරුවනු ලැබේ " යනුවෙන් කළ ප්‍රකාශය සියවස් ගණනකට පසු අදත් එකසේ වලංගු වන අතර, එතැනිනුත් ඔබ්බට ගමන් කරමින් 1880 දී " Principal of Economics " නම්වූ ප්‍රසිද්ධ ග්‍රන්ථය ලියමින් ඇල්ෆ්‍රඩ් මාෂල් (Alfred Marshall) " Neo Classical Economics " නම් නව ආර්ථික න්‍යායක් ලොවට හඳුන්වා දෙමින් ප්‍රකාශකර සිටියේ, මනංකල්පිත සිද්ධි දාමයක් (hypothetical sequences of events)  විසින් පෙර සඳහන් තත්වය වඩාත් සංකිර්ණතත්වයකට පත්කරන බවයි. ඒ අනුව මුදල හා විනිමයට (Money  & Currency) හිමි බලය දැඩි අධිපතිතත්වයක් දක්වා ගමන්කිරීම තුලින් එය රාජ්‍ය පාලනයට නතුකර ගත නොහැකි තත්වයකට දිනෙක පත්වන බවයි.

අප සාමාන්‍ය ජන වහරේ පවතින "සල්ලී, දෙයියන්ගේ මල්ලි" යන සරළ කියමනට න්‍යාත්මක අර්ථකතනයක් දෙමින් මෙකී ආර්ථික විද්‍යා නියමයන් ඉහත කියමන වඩාත් තහවුරු කොට ඇත. ඒ අනුව මේ අදෘශ්‍යමාන බලවේගය රාජ්‍යයන් ගොඩනැගීමත්, රාජ්‍යයන් බිම හෙළීමත්, නව යටත්විජිතකරණයත් නුතන වේශයකින් (new version) අපට කියාදෙමින් හිඳියි

මේ දෘශ්‍ය වාර්තා විවරණය ඒ " මුදල් " තුළ ඇති උත්තුංග භූමිකාව පිලිබඳවයි. 

- ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද.

Comments