Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

අපි මුදල් නෙළමුද? මුදල් නෙලා, රටට නෙළමුද?

Why Printing Money Doesn't Work.
කොරෝනා ව්‍යසනය සමග කඩාවැටෙන රටක ආර්ථිකය යලි පණගන්වන්නේ කෙසේද? රට ගොඩගන්නට මහ බැංකුවට අලුතෙන් මුදල් අච්චුගැසීමට නොහැකිද? එහෙත්, එසේ මුදල් අච්චු ගැසීමෙන් රටක ආර්ථිකයට මුහුණ පාන්නට වන ඉරණම කෙබඳු එකක් වේවිද?  

මෙම ප්‍රශ්නයන් බැලුබැල්මට සරළ ඒවා ලෙස පෙනුනත්, ඒවාට ලබාදියහැකි පිළිතුරුනම් ඉතා සංකිර්ණ ඒවා වෙයි. මන්ද, මුදල් අච්චු ගැසීමේ කාර්‍යය හිතුමතේට රජයකට කළ නොහැක්කක් බව ඕනෑම පුරවැසියෙකුට වුවද සරළව තේරුම්ගත හැකි යතාර්ථයක්‌ වුවත්, එසේ කළ නොහැක්කේ මන්ද යන කාරණාව ඔවුන් සැමට එලෙස වැටහෙන්නේ නැතිබැවිනි. එහෙත් එය ඉතා සරල ගණිත ගැටළුවකි. ඒ කියන්නේ, ඉල්ලුමෙහි මට්ටම මත වෙළඳපළ මිල තීරණය වීම (Demand driven theory) හෙවත් ඉල්ලුමත් සැපයුමත් අතර පරතරයේ වෙනස මත මිල තීරණය වීමේ න්‍යාය, දොඩම් ගොඩක් හා දොඩම් ගැනීමට දිගුකරන දෑත් ප්‍රමාණයේ එකතුව වැනි තෝරාගැනීමට පහසු එකතු කිරීමේ හා අඩුකිරීමේ අගයක් නිසාය.

මෙකී වෙළඳපළ න්‍යාය පිළිබද ජනප්‍රිය සලකුණ ඇඩම්ස් ස්මිත් වුවත්, ඔහුට පෙර මෙකී අදහස ස්පර්ශකොට ඇත්තේ ජොන් ලොක් නැමැති 17 වෙනි සියවසේ දාර්ශනිකයායි. මෙකී න්‍යායට අනුව, රටේ ජනතාවගේ ඉල්ලුමේ ප්‍රමාණය හඳුනාගෙන ඊට අනුරූපව වෙළඳපලක භාණ්ඩ රැස්කිරීම කලයුතු සේම, එහි ඇති භාණ්ඩ ප්‍රමාණය හා ඉල්ලුම්කරුවන්ගේ ප්‍රමාණය අනුව මිල තීරණය වනබව මේ න්‍යායේ ප්‍රායෝගික යථාර්තයයි. එවන් වෙළඳපල තත්වයක්‌ තුළ  ස්වභාවික ලෙස තුලනය වී ඇතී මුදලේ අගය, යම් හෙයකින් අමතර නෝට්ටු අච්ච්චුගැසීමකට යොමුවේනම් බරපතල කැළඹීමකට ලක්වන බව බැලු බැල්මට වුවද වටහාගත හැකි කාරණාවකි. මන්ද, මිනිසුන්ගේ අතට ක්ෂණිකව පත්වන අමතර මුදලට සරිලන භාණ්ඩ ප්‍රමාණයක්‌ සැපයුමට සුදානම්ව වෙළඳපලේ නොමැති වුවහොත් ඉන් පැනනැගෙන ප්‍රශ්නයයි. එසේ සංසරණය වන මුදලේ ප්‍රමාණය හා එකී මුදලට මිලදීගැනීමට ඉදිරිපත්වන භාණ්ඩ ප්‍රමාණය අතර වෙනසේ පරතරය වැඩි වු විට, භාණ්ඩවල මිල එක්වරම ඉහලට යයි. ඒ, මුදල් නෝට්ටු ප්‍රමාණයට වඩා භාණ්ඩ නිශ්පාධනය අඩුවන නිසයි. එවිට ඉල්ලුම්කරුවන් වැඩිවී, වෙළඳපලට පැමිණෙන භාණ්ඩ ප්‍රමාණය ඒ මට්ටමට සරිලන්නේ නැති විට ඇතිවන  ප්‍රතිවිපාකයක්‌ ලෙසිනි. මේ ඉල්ලුම හා සැපයුම අතර පරතරය විශාල ලෙස වැඩිවූ විට, එහි අවසන් ප්‍රථිඵලය වන්නේ උද්ධමනය (Inflation) ඉහල යාමයි. සරළව කිවහොත්, රටක උද්ධමනය ඉහල යනවා කියන්නේ ඒ රටේ ආර්ථිකය කඩාවැටෙනවා යන්නයි. ඒ නිසා, ඕනෑම රටක එසේ හිතුවක්කාරී ලෙස මුදල් අච්චු නොගසන්නේ රට අනතුරේ හෙලීමට පාලකයින්ට ඉඩක් නොමැති නිසයි. 

ලෝක ඉතිහාසයේ මේ සම්බන්දයෙන් දැක්විය හැකි නරක පුර්වාදර්ශ අතර, 1700දී ප්‍රංශ අධිරාජයේ කඩාවැටිම, 1941 දී හංගේරියාවේ සිදුවූ දරුණු ආර්ථික අවපාතය සේම, මෑත ඉතිහාසයේ; එනම් 2008 දී සිම්බාබ්වේ රාජ්‍යයේ ජනාධිපති රොබර්ට් මුගාබිගේ පාලන සමය තුළ සිදුවූ දරුනු උද්ධමන අවස්ථාවත් පෙන්වා දිය හැක. එමගින් අප උගතයුතු පාඩම වන්නේ, එලෙස කඩාවැටෙන ආර්ථිකයක් යලි ගොඩගන්නට ක්ෂණිකව නොහැකිවන නිසාම, තවත් දශක කිහිපයක වෙහෙස, කැපවීම හා රටක ජනතාවගේ දරිද්‍රතාවයේ පීඩාව ඊට හිලවු කළයුතු බවයි. වෙනිසුවේලාවේ ජනතාවද 2010 දී මුහුණ දුන් මෙවන් ඉරණමක අවාසනාවන්ත වගඋත්තරකරුවන් පිරිසක් සේ අද සිය ජිවිත ගෙවා දමන්නේ, පාලකයින් විසින් ගන්නා ලද හිතුවක්කාර හා අමනෝඥ  තීරණයක ප්‍රථිඵලයක් ලෙසිනි. එනිසා, මුදල් ගස හිතුමතේ හොලවා එහි මුදල් නෙලන්නට ප්‍රථම, පාලකයින් විසින් තම ඔලුගෙඩි සොලවා ඇසිය යුතු තීරණාත්මක ප්‍රශ්නයක්‌ තිබේ. එකී ප්‍රශ්නය වන්නේ, රටේ සාමාන්‍ය ජනතාවගේ ජිවිත හිතුමතේට සෙලවීමට රටක නායකයෙකු වු පමණින්, ඔහුට හෝ ඇයට ඇති අයිතිය කුමක්ද යන්නයි. 

- ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද 

Comments