Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

Get the latest information from the WHO about coronavirus.

කාංසාවේ ඩිජිටල් තිරය
මෙහි දැක්වෙන්නේ කෝවිඩ් 19 වෛරස ආසාදානයෙන් දිනපතා ලෝකය පුරා මියයන දහස් සංඛ්‍යාත රෝගීන්ගේ ඩිජිටල් දත්ත සටහනයි.

ගෙවෙන සෑම තත්පරයක් ගානේම නොනවත්වා චලනය වන මේ ඩිජිටල් දත්ත සටහන තුළින්, මොහොතක් පාසා ආසාදිතයින්ගේ ගොඩට එකතුවන රෝගීන් සේම, රෝගීවීමෙන් මියයන ජිවිත වල දත්ත ඒකරාශීකරමින් මෙම සජීවී  ඩිජිටල් තිරය ඒකාකාරී දාමයක් සේ චලනය වෙමින් පවතියි.

එනිසාම, මෙම චලනය වන තිරය දෙස විනාඩි පහකට වැඩි කාලයක් සංවේදී මනුෂ්‍යකුට බලා සිටීම අසීරු කාර්‍යයක් වන්නේ, ධාවනය වන තිරයේ සටහන් වන ආකාරයට එක්කෝ මීට මොහොතකට පෙර කොහේ හෝ තැනෙක හිඳ හුස්මහෙලු මිනිසෙකු / මිනිසුන්  අප අතැර යන සංඥාව හෝ නුදුරු දිනයකදී ඒ ගොඩට එකතුවන්නට නියමිතව සිටින ආසාදිත ලැයිස්තුවට එකතුවෙමින් පවතින මනුෂ්‍යයින්ගේ සංඛ්‍යාව බව අපට වැටහෙන්නාවූ  බැවිනි. 

ලොව පුරා සෞඛ්‍ය විශේෂඥයින් මේ වනවිට අනාවැකි ඵළකරන්නේ, මෙකී වෛරසයේ බලපෑම අඩුම තරමින් තවත් වසර දෙකක කාලයක් පවතිනු ඇති බවයි. ඒ අනුව කියැවෙන්නේ, මේ හැඟීම් - දැනීම් නැති  ඩිජිටල් තිරය තවත් වසර දෙකක් පුරාවට  මෙසේ නොනැවතී චලනය වන්නාවූ බවද?

මේ මගින් මිනිසුන් වශයෙන් අප කලයුත්තේ, අනවශ්‍ය බියකට පත්වීමට වඩා, මෙකී සෞඛ්‍ය උවදුරේ ඇති භයානකකම වටහාගෙන, ඒ සඳහා සුදුසු ආරක්‍ෂිත පියවර පිළිපැදීමට යුහුසුළුවීමයි. එසේ නොවුනහොත් සිදුවනු ඇති කරිරු යතාර්ථය වන්නේ, වෛරස ආසාදනයෙන් රෝගීව මියයන පිරිසට අමතරව, ලෝක ආර්ථිකය කඩාවැටීමෙන් ශීග්‍රයෙන් ඉහල යන ගෝලීය දුප්පත්කම නිසා බැටකෑමට ලක්වන,  ආර්ථිකව පහළ ස්ථරයක සිටින රටවල ජනතාව, සාගින්නෙන් හා මන්දපෝෂණයයෙන් මියයාමේ දත්ත සටහනක්ද මෙසේ නොනැවතී ක්‍රියාත්මවනු නිරීක්ෂණය කිරීමේ අවාසනාවන්ත අත්දැකීමටද මුහුණපැමයි
- ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද 

Comments