Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

සත්‍යය ළිංපතුලේ, මිත්‍යාව රඟමඩලේ.

🎨   ජින් ලියෝන් ජෙරෝම් ගේ " Truth coming out of her well " චිත්‍රය ආශ්‍රයෙන් පසුව නිර්මාණයවු නව අර්ථකථන චිත්‍රයකි.


ජීන් ලියෝන් ජෙරෝම් (Jean Leon Gerome)  නැමැති ප්‍රකඨ ප්‍රංශ චිත්‍ර හා මූර්ථි ශිල්පියා විසින් චිත්‍රණය කරන ලද  " Truth coming out of her well " (ළිංපතුලෙන් සත්‍යය එබී බැලීම) යන තෙල්සායම් චිත්‍රය වටා උපමා කථාවක් ගෙතී තබේ. ඒ උපමා කථාව මෙසේය.

දිනක් "සත්‍යා " ට අහම්බෙන් "මිත්‍යා" ව  මුණගැසෙයි. එදින ඉතා දීප්තිමත් ග්‍රීෂ්ම දිනයක් වු බැවින් " මිත්‍යා " විසින් " සත්‍යා" ට දිය නෑමට ආරාධනා කරයි. මුලදී ඊට අකමැත්ත ඵලකරන "සත්‍යා "ව කෙසේ හෝ කැමතිකරවා ගැනීමට " මිත්‍යා " සමත්වෙයි. දිය නෑමට ඔවුන් තෝරාගන්නේ අසළ වු නොගැඹුරු ලිඳකි.

දෙදෙනාම සතුටින් ස්නානය කරමින් සිටියදී, " මිත්‍යා " විසින් පවසන්නේ තමන්ට හදිසි ශාරීරික අවශ්‍යතාවක් සඳහා කෙටි වෙලාවකට පිටතට ගොස් පැමිනිය යුතු බවයි. ඊට එකඟත්වය ඵළකරන " සත්‍යා " මිත්‍යා ළිදෙන් පිටතට පැමිනෙද්දී  තවදුරටත් ළිද තුළ ස්නානය කරමින් සිටියි.

කාලය කෙමෙන් ගෙවී යද්දී තවදුරටත් " මිත්‍යා " නොඑන බවට සැකයක් ඇතිවීමෙන් පසු " සත්‍යා " ලිදෙන් පිටතට පැමිණේ. එවිට ඈ දකින්නේ, " මිත්‍යා " විසින් හැඳගෙනගොස් ඇත්තේ තමා ස්නානයට පෙර ලිඳ ඉස්මත්තේ උනා දැමු තමාගේ සළුපිළි බවයි.

මෙයින් කලකිරීමටත්, කෝපයටත් පත්වන " සත්‍යා " ලිඳෙන් පිටතට නිරුවතින් පැමිණිය නොහැකි නිසාත්, තම සළුපිළි වෙනුවට " මිත්‍යා "ගේ සළුපිළි හැඳගෙන සමාජයට යා නොහැකි නිසාත්,  ළිං පතුලට පැන සැඟවී  යයි.

අහිමි වු තම සළුපිළි වෙනුවට වෙනෙකෙකුගේ සළුපිළි " සත්‍යා " විසින් ඇඟලා නොගන්නා බව හොඳින් දන්නා " මිත්‍යා ",  එතැන් පටන් ලොව පුරා " සත්‍යා " ලෙසින් සැරිසරන බවත්, සැබෑ "සත්‍යා " ළිං පතුලේ තව දුරටත් සැඟවී සිටින බවත් ඒ පුරාවෘත්තයේ කියැවේ.

- ඉනෝකා  සත්‍යාංගනී කීර්තිනන්ද

පසු සටහන-
ඊයේ (මැයි 5වනදා) කෝවිඩ් වෛරස ආසාදනයෙන් නිත්‍යානුකූල 9 වන මරණය වාර්ථා වු අතර, මේ වනවිට සමස්ථ වෛරස් ආසාදිතයින් ගනන (නිත්‍යානුකූල හෙළිදරවුව) 755 ක්‌ බව රජය විසින් වාර්ථා කරනවා. එලෙසම, තවදුරටත් දිනපතා පොකුරු ආසාදිතයින් හමුවන බව ද මාධ්‍ය විසින් වාර්ථා කරමින් සිටිනවා.

ඒ අතර, නොබැඳි ජාතීන්ගේ ජාත්‍යන්තර සමුළුව අමතමින්  (වීඩියෝ මාධ්‍ය ඔස්සේ) වත්මන් ජනාධිපතිවරයා ප්‍රකාශකර සිටියේ, කෝවිඩ් වෛරසය පාලනය කිරීමට ශ්‍රීලංකාව මේ වනවිට සමත්ව ඇති බවයි.

මේ සම්බන්දයෙන්  ජාත්‍යන්තර තත්වය සලකා බලන විට, පසුගියදා ප්‍රංශ අගමැතිවරයා විසින් එළඹෙන මැයි 11 සිට ප්‍රංශ රාජ්‍යය යලි විවෘත කිරීම (Re-open) සම්බන්ධයෙන් ප්‍රංශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඉහල මන්ත්‍රී මංඩලයේ දැඩි විවේචනයට ලක්ව, ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බවයි වාර්ථාවන්නේ. 

Comments