Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

මැතිවරණ මේනියාව සහ ජනතා පරමාධිපත්‍ය

Watch "How is coronavirus impacting the US presidential election? | The Stream " on YouTube

කොරෝනා ව්‍යසනය කියලා නෑ, ලෝකය පුරාම තියෙන්නේ මැතිවරණ වසන්තයක්. මිනිස්සු රෝගී වෙද්දී, මියයද්දී, රටවල් ආර්ථිකව, සාමාජීයව කඩාවැටෙද්දීත් ELECTION FEVER (චන්ද උණ) හෙවත් POLITICAL MALAISE (මැතිවරණ අසහනය) අඩුවෙලා නෑ. ඇත්තටම මැතිවරණයක් කියන්නේ මොකද්ද? මැතිවරණයක් සැබවින්ම අවශ්‍යවන්නේ කාටද? පාලකයින්ටද? ජනතාවටද?

අමෙරිකාවේ 59 වෙනි ජනාධිපතිවරයා තේරීමේ අවස්ථාව ව්‍යවස්ථානුකුලව එළඹිලා තියෙන්නේ 2020 නොවැම්බර් 3 වෙනිදාට. ඒ සඳහා තරඟකරුවන් ලෙස මුණගැහෙන්නේ, රිපබ්ලිකන් අපේක්ෂකයා (Republican Candidate) වන දැනට ඇමෙරිකාවේ ජනාධිපතිධුරය හොබවන 73 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) සහ ඩේමොක්‍රරටික් අපේක්ෂකයා (Democratic Candidate) වන, 77 හැවිරිදි ජෝ බයිඩන් (Joe Biden) යන දෙදෙනායි.

මෙම මැතිවරණය සඳහා තවත් මාස පහමාරක කාලයක් ඉතිරිව පැවතුනත්, ඇමෙරිකානු මාධ්‍ය දැනටමත් මැතිවරණය පැවැත්විය යුතුද - නැද්ද යන සංවාදයට මේ වනවිටත් එළඹ ඇත්තේ, ලෝකය පුරා පවතින වෛරස් භීතිය නිසායි. විශේෂයෙන්ම කෝවිඩ් 19 වෛරසය වඩාත්ම බලපෑම්කළ රට ලෙසින් මේවනවිට දර්ශකයේ මුදුනින්ම සිටින්නේ ඇමරිකාව නිසා තත්වය බරපතල වුවත්, ඇමරිකානු රජය විසින් ඉදිරි එලබ්ඹන මැතිවරනය කල්දැමීම පිලිබදව කිසිදු සඥ්ඥාවක් ඵලනොකරන නිසාම ඇමරිකාවේ ජනමාධ්‍ය සහ පොදු ජනතාව මෙකී මාතෘකාව පිලිබද හඩ අවදිකරමින් සිටියි. ද. කොරියාව සහ තවත් රටවල් 9ක්‌ පමණක් සිය මැතිවරණයන් මෙකී ව්‍යසනකාරී පසුබිම තුල පැවැත්වීමට තීරණයකොට තිබියදී, තවත් රටවල් විශාල ප්‍රමානයක් සිය මැතිවරන කල් තැබීමට තීරනය කොට ඇත්තේ, ජනතාවගේ ආරක්ෂාව හා සමාජ සුබ සිද්ධියට මුල්තැනක් දෙමිනි. 

මෙසේ මහ මැතිවරණ, ජනාධිපතිවරණ, ප්‍රාන්ත මැතිවරණ, ප්‍රාදේශීය මැතිවරණ ආදී වශයෙන් තම දේශසීමා තුළ මැතිවරණ කල්තබන ලද සෙසු රටවල් මෙසේ වෙයි. ඉන්දියාව,  පකිස්තානය, බංගලාදේශය, රුසියාව, ප්‍රංශය, ද අප්‍රිකාව, ටියුනීසියාව, නයිජීරියාව, සිම්බාබ්වේ, සැම්බියාව, ගැම්බියාව, ඉතියෝපියාව, කෙන්යාව, උගන්ඩාව, පේරු රාජ්‍යය, ආජන්ටිනාව, ඉතාලිය, රුමේනියාව, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, කැනඩාව, පෝලන්තය, චිලී රාජ්‍යය, බොලිවියාව, උරුගුවේ රාජ්‍යය, මෙක්සිකෝව, ඉන්දුනීසියාව, ඩොමිනිකන් රිපබ්ලික් රාජ්‍යය, සිරියාව, ඉරානය, ඔස්ට්‍රියාව, කොසෝවා රාජ්‍යය, ජිබ්‍රාල්ටාව, ස්පාඥඥය, ආමේනියාව, උතුරු මෙසිඩෝනියාව, සර්බියාව, රුසියාව, සයිප්‍රස් රාජ්‍යය, සොලමන් දිවයින ආදී තවත් රටවල් කිහිපයකි.

ඉහත ඉදිරිපත්වන වාර්තාංගය තුළින් සාකච්චාවට බඳුන්වන්නේ, කොරෝනා සමය තුළ රටකට වඩා වැදගත් වන්නේ මැතිවරණයක්ද, ජනසමාජයේ ආරක්ෂාවද යන කාරණාවයි.



මෙම ලෝක සිතියමේ කහ පැහැයෙන් සලකුණුකොට ඇත්තේ, 2020 පෙබරවාරි 21 වෙනිදා පටන් මේ දක්වා ලෝකය පුරා ඒ ඒ දේශසීමාවන් තුළ මැතිවරණ කල්තබන ලද රටවල් ය.


- ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද 

Comments