Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

බුදු දහම සහ බුදු අහම

Contemporary piece of art on lord Buddha's image 
බුදුන් " බුද්ධාගම " කියා ආගමක්‌ නිර්මාණය කලේ නැත. එය නිර්මාණය කලේ බුදු දහම ඇදහීමක් බවට පත්කරගත් පිරිසක් විසිනි. බුදුන් දේශනා කලේ ධර්මයක්‌ හෙවත් ධර්මතාවයක්‌ පිළිබඳවය. එකී ධර්මය යනු අප දකින හා අත්දකින සරළ යථාවයි. එය සොබා දහමේ නීතිය මිස අනෙකක් නොවේ. හේතුවක්‌ නැතිව පළයක් හටනොගන්නා බවත්, චේතනාවකින් තොරව ක්‍රියාවක් පළ නොදරනා බවත් යන මූලික ඉගැන්වීම් මිනිස් ජිවිතේ පංච ඉන්ද්‍රියන්ට ගෝචරවන සේම, විද්‍යාවේ තාර්කික නියමයන්ට යටත්වන ප්‍රායෝගික සත්තාවක්  මිස ඉන්ද්‍රජාළික මායාවක් නොවේ.

එහෙත් බුදු දහම හෙවත් බුද්ධ දර්ශනය, පසු කලෙක තම තමන්ගේ ආන්තික අර්ථකථනයන් ඔස්සේ යුටෝපියානු මනෝවිකාරයක් හෙවත් මනංකල්පීය බළ ධුරාවලියක් බවට පත්කොට මහ පොළොවෙන් උඩුගුවනට පාකර හැරියේ මිත්‍යාදෘශ්ථික අනුගාමිකයින් පිරිසක් විසින් මිස, ගෞථම බුදුන් යන දර්ශනවාදියා විසින් නොවේ.

මේ ලෙසින්, කිසියම් පැරඩයිමයකට බලයක් ලබාදී එය ඇදහීමක් බවට පරිවර්තනයකොට, බළ පද්ධතියක්‌ ලෙස පවත්වාගෙන යාමෙන් ප්‍රතිලාභ ලබන්නෝ වෙනත් පිරිස්ය. ඒ තුළින් ගෞථම බුද්ධ යන ශාස්තෘවරයාට හෝ එකී ශාස්තෘවරයාගේ ඉගැන්වීම වු මුල් දහමට හෝ අත්වන යහපතක්‌ නොමැත. මන්ද, "දර්ශනයක්‌" හා "ඇදහීමක්" යනු එකිනෙකට හාත්පසින් ප්‍රතිවිරුද්ධ වු පැවතුම් දෙකකටය. දර්ශනයක්‌ යනු, සොබා දහම පිලිබඳව හෝ සොබා දහමේ වෙසෙන ජීවීන් පිලිබඳව හෝ මානව චර්යාවන් පිලිබඳව හෝ ප්‍රකාශිත කිසියම් මතවාදයකි. එවිට ඕනෑම දර්ශනයක්‌ හෙවත් මතවාදයක් කෙනෙකු පිළිගත යුත්තේ තර්කනයෙන් මිස මෝහනයෙන් නොවේ. එහෙත්, ඇදහීමක් යනු තර්කනයෙන් තොරව යමෙක් කියු පමණින් එය හේතු ප්‍රත්‍යක්ෂයෙන් තොරව පිළිගැනීමයි. ගෞථම බුදුන්ගේ දර්ශනය යනු තර්කය පදනම්කොටගත් විවරණයක් මිස නමෝවිත්තියෙන් පිළිගතයුතු යාඥාවක් නොවේ.

අවාසනාවකට මෙම දර්ශනයට අදාළ මූලික කොන්දේසි පවා බිඳිමින් මෙය විවිධ පුද්ගලන්ගේ අතින් අත හුවමාරුවන්නේ, " බුදු දහම" යනු සඟ සමාජය සතු පුද්ගලික බුදලයක් ලෙස සලකමිනි. එමගින් සැබෑ දහම හඳුනාගන්නට රිසි පිරිස් වෙත සිදුවන්නේ බලවත් අකටයුත්තක් වන අතර, ඊට අමතරව මුල් දහමටද මෙකී විකෘතිමය ප්‍රතිසංස්කරණයන් හා වැරදි සහගත අර්ථකථනයන් තුළින් වන හානිය ඊටත් වඩා බරපතලය.  මන්ද දෙදාහස් පන්සීය වසරක් ඉපැරණි මෙකී දර්ශනය අනාගතය වෙත රැගෙන යාමේදී, ඉපැරණි ඩයිනෝසිරයෙකු කාලානුරූපව හිවලෙකු බවට පත්වන රූපාන්තරනයක්‌ වනනිසා, තවත් පරම්පරා කිහිපයක්‌ ඉදිරියට ඉපදෙන්නට නියමිත පිරිසකට ඒ තුළින් හමුවන්නේ ප්‍රකෘතිය මුළුමනින්ම යටපත් කරනලද විකෘතියක් වනබැවිනි. මෙකී විකෘතියේ ඇති ප්‍රායෝගික අගතිය වන්නේ, මානවයාගේ යහ-පැවැත්ම සඳහා ලබාදෙන්නාවූ නිදහස් අදහස් ගොන්නක වාසිය ලබාගනු වෙනුවට එකී මුල් දහම මතු පරම්පරාවන්ට භුක්තිවිඳිය නොහැකි අන්දමින් විකෘතිකොට දැමීමය. 

ඇත්තෙන්ම බුද්ධ දර්ශනය යනු කුමක්ද? බුද්ධ දර්ශනය යන මෙකී ජීවන දහම තුළින් ඉගැන්වෙන්නේ, පෘතුවියේ බලය අත්පත්කරගෙන සිටින මානවයා නැමැති අධිපති  සත්වයා විසින් සොබා දහම තුළ ගෙවා දමන ජීවිතයේදී, සෙසු සත්වකොට්ඨාශ සමග ගණුදෙනු කරන්නේ කෙසේද, ස්වාභාවික පරිසර පද්ධතිය සමග ගණුදෙනු කරන්නේ කෙසේද, මිනිසාගේ පැවැත්මට අදාළ පරිසරපද්ධතිය සතු  ස්වභාවික සම්පත් රැකගන්නේ කෙසේද, විශේෂයෙන්ම තම වර්ගයා සමගම ගණුදෙනු කරන්නේ කෙසේද යන කාරණා කෙරෙහි අවධානය යොමුකොට, ඒ පැවතුම් වඩා ප්‍රායෝගික හා සාධනීය එකක් බවට පත්කරගැනීමට කරන්නාවූ මගපෙන්වීමක් විනා අනෙකක්‌ නොවේ. එවන් දහමක් මිනිසාගේ තර්ක බුද්ධියට ගෝචරකරගනු වෙනුවට, දහම තුළින් ඉගැන්වෙන පැවැත්ම පසෙකලා ගලින් තැනූ ස්ථූපයකට, සිමෙන්තියෙන් තැනූ පිළිමයකට, ස්මරණය පිනිස සිටවූ ශාඛයකට වන්දනාමාන කිරීම දක්වා මේ ශුද්ධ දහම අනුවර්ථනය වී තිබීම බරපතල ඛේදවාචකයකි. මේ නිසාම සැබෑ දහමට වී ඇති ආනිසංසය වන්නේ, ගමරාළ හාමිනේට පවසන්නට තමා කෑ කැවුම් වර්ගයක නම මතක තබාගෙන ගොස්, නිවෙසට යන අතරමග මුණගැහෙන සිද්ධීන් අනුසාරයෙන් මතකය වෙනස් වී අවසානයේ " හොත්කිරිපඥ්ඥo " බවට කැවුම නාමකරණය වු ගැමි පුරාවෘත්තයේ එන කතාන්තරයට වඩා නොවෙනස්වූ ඉරනමකි. මේ එකී ඉරණමට සාධක සැපයු තවත් නිමිත්තක් මුල්කරගනිමින් බෞද්ධ සාශණය වෙනත් ගණුදෙනු සඳහා භාවිතා කිරීමේ ආදීනව සම්බන්දයෙන් සිය හඬ අවදිකළ ගිහියන් දෙදෙනෙක් හා පැවිද්දෙකුගේ ප්‍රකාශනයන් ත්‍රිතත්වයක් මෙසේ ඉදිරිපත් කරමු.

🔼 අහම - ඊගෝව (Ego)

- ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද  

  
Why doesn't Buddhism support romantic love?

Comments