Sathjana 2020.

Sathjana 2020.
SJB ප්‍රවෘත්ති සදහා මෙම ඛේතය "ක්ලික්" කරන්න.

ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකය හා ආන්ඩුවේ සුරංගනා කතා

ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකයක් ගැන කොරෝනා තත්ත්වයෙන් පසු රජයට හිතවත් විද්වතුන් දේශපාලකයන් වැනි පිරිස් කතාබහ කරන්නට පටන් ගෙන ඇත. මේ කතා බහ බොහෝ විට ජනමාධ්‍ය තුළට පමණක් සීමා වී ඇති මහපොළවේ සත්‍යක් නොවන්නකි. එය උක්ත ස`දහන් දෙශපාලකයන් හා විද්වතුන්ද හො`දාකාරවම දන්නා සත්යකි. දේශපාලකයන් කෘෂි විද්යාඥයින් මෙන් ගෙවතු වගාව ගැන කතා කරයි. මේය පුදුම කාලයකි. දේශපාලකයන් කෘෂිකර්මය ගැන ද හමුදාව සෞඛ්‍යය ගැන ද සෞඛ්‍යය බලධාරීන් ආර්ථිකය ගැනද හාමුදුරුවන් ව්යස්ථා විශාරදයන් ලෙසද කලාකරුවන් බකන්නිලාගෙන සිටින්නද මාධ්යවේදීන් ආන්ඩුවේ ගොම්පස් අල්ලන්න ද පුරුදු වූ කාලයකි. මේ කොරෝනා රෝගයේ රෝග ලක්ෂණයක් විය හැක. කෙසේ නමුත් ජනමාධ්ය තුළ දේශපාලකයින්ගේ පාරම් බෑම කෙළවරක් නැති වුවද ගොවියාගේ සැබෑ තත්ත්වය සොයා බැලීම කාලීන අවශ්යතාවක් ලෙස අපට පෙනෙයි. 

අපි කැමති වුනත් නැතත් අද සියලූ වගාවන් රසායනික පොහොර මත යැපෙන තත්ත්වයක් ඇතිවී හමාරය. පැරණි ගොවියන් (1978 පෙර) එවකට වගා කළ වී වර්ග එළවළු ඇතුළු බෝග සඳහා එතරම් රසායනික පොහොර අවශ්ය නොවීය. ගොම පොහොර, කටු පොහොර ආදිය මගින් වගා කරන ඔවුන් තමන්ගේ පාරිභෝජනයටත් අතිරික්තය විකිනීමත් අරමුණු කරගෙන වගා කළේය. දැන් තත්වය වෙනස්ය. බොහෝවිට ගොවියන් වගා කරන්නේ අස්වැන්න විකිණීම අරමුණු කරගෙනය. රසායනික පොහොර යොදමින් නවීන යන්ත්ර සූත්ර උපයෝගී ව විශාල අස්වැන්නක් ගත හැකි බෝග වර්ග වගා කරයි. නමුත් ඒ සඳහා යම් ප්රාග්ධනයක් අවශ්ය වේ. ගොවියා ප්රාග්ධනය යොදවන්නේ බොහෝ විට බැංකු ණය, තම උපකරණ හෝ රන්භාණ්ඩ වැනි දේ උකස් කිරීම හා ශුද්ර මූල්ය ණය ලබාගැනීම ආදියෙනි. එමෙන්ම සමහර ගොවියන් හාල් මෝල් කරුවන් වැනි අයට අස්වැන්න උගසට තබා ගොවිතැනට අවශ්ය දේ ණයට ලබා ගැනීමද සිදුකරයි. ආකාරය කුමක් වුවත් වගාවක් ආරම්භයේදීම ගොවියා යම් අවදානමක් දරයි. ස්වභාවික ව්යසනයක්, අලින් හානීකිරීම හෝ වෙනත් ආකරයකය අස්වැන්න පාලුවීමක් වුවහොත් ගොවියාට මේ වගා ණය ගෙවා ගත නොහැකිව මහත් අසරන තත්වයකට පත්වේ. එවිට ඔවුනට සිදුවන්නේ තවත් නයවීම පමනි. 

කොරෝනා තත්ත්වයත් සමග මේ ණය බරින් මිරිකුණු ගොවියා කබලෙන් ලිපට වැටී ඇත. ලංකාව පුරාම බොහෝ ගොවීන් තමන් වගා කළ අස්වැන්න විකුණාගත නොහැකිව මැසිවිලි නගමින් සිටියි. ආන්ඩුව එම අස්වැන්න මිලදී ගැනීමට කටයුතු සලසනවා යැයි ජනමාධ්ය මඟින් ප්රකාශ කළද ඒවා හුදු සුරංගනා කතා වලට සීමා විය. බොහෝ ප්රදේශ වල ගොවියන් තම අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව ආර්ථික මධ්යස්ථාන ඇතුලු නෙයෙක් වෙළඳපොළවල් සොයා ගියේය. අවසානයේ දී බොහෝ දෙනෙකුට ලොරි කුලියවත් සොයා ගැනීමට නොහැකි විය. තවත් සමහරුන් ජනමාධ්ය තුළින් දේශපාලකයන් කිවූ දේ විශ්වාස කරමින් තම අස්වැන්න නෙළා නිවසේ ගොඩගසාගෙන එය මිලදී ගැනීමට එනතුරු බලා සිටියේය. තවත් සමහරු මෙය නොකෙරෙන දෙයක් බව දැන අස්වැන්න නෙළාගන්නේවත් නොමැතිව ඒවා විනාශ කර ඊළඟ කන්නයට නැවත වගා කිරීමට සූදානම් විය. 

කෙසේ හෝ නැවතත් වගාව ආරම්භ කල ගොවීන් දැන් තවත් අර්බුදයට මුහුනදෙමින් සිටියි. එනම් පොහොර හිඟයයි. අදවනවිට වී ගොවියන් මඩ පොහොර නොමැති වීමෙන් තම වගාව ආරම්භයේ දීම නිසරු වී යාම දෙස බලාගෙන දුක් වෙයි. එළවළු ගොවියා ද එසේමය. අදාල නිලධාරීන් ගෙන් විමසූ විට ඔවුන් විවිධ දේ පවසයි. දේශපාලකයන්ද ඒ ඒ අවස්ථාවට කුමක්හෝ කියා මගහරියි. ඇති තරම් පොහොර තොග කොළඹ ගබඩාවල ඇති බවත් ඒවා ගෙන ඒමට ක්රමයක් නැති බවත් වරෙක පවසයි. පොහොර ඇවුම් කර ඇති බවත් ල`ගදීම ගෙන එන බවත් තවත් වරෙක පවසයි. එහෙත් ගැටලුව විසෙ`දන බවක් පෙනෙන්නට නැත. ලංකාව තුල කන්නයකට උපරිමයෙන් හෙක්ටෙයාර ලක්ෂ 7.5 පමන වී වගාකරන අතර මේ ස`දහා අවශ්ය මුලු පොහොර පමානය මෙටි්රක් ටොන් 65000ක් පමන වේ (මෙය 2018 වාර්තා අනුව වන අතර වාර්ෂිකව සුලු උච්චාවචන සිදුවේ*. වී වගාවට මෙම පොහොර තොගය වාර්ශිකව අනිවාර්යෙන් අවශ්ය බව දැන දැනත් රජයට නිසිපරිධි එය කළමණාකරනය නොකර සිිටියි. මෙය රජයේ අපොහොසත් කමකට වඩා පොහොර සාහනාධාරය නවතා දමිමට කරන උපක්රමයක් විය හැකිබව කරුණු විශ්ලේෂනය කිරීමෙන් හැ`ගීයන්නකි. දැනටමත් ගොවියන් ඉල්ලා සිටින්නෙ පොහොර සහනාධාරය නැතත් කුමන මිලකට හෝ පොහොර අවශ්ය බවය. පාලකයන්ට අවශ්ය වන්නේද මෙම තත්වයයි. එවිට පොහොර පිලිබ`ද ප්රශ්නය පුද්ගකික අංශ්යට පමනක් බාරදී ඇතිවන ගැටලු ගොවියන් හා වෙළෙන්දන් අතරට සීමාකර. තත්වයන් උත්සන්න වූ විටෙක රජය එයට මැදිහත් වනබව කෑගසා පසුව නිහ`ඩව අමතක කර දැමිය හැක. මෙය හැමදාම සෑම කේෂේත්රයකම සිදුවන්නකි. මෙය ‘‘කොරෝනා’’ ඇතත් නැතත් සිදුවනකි. අස්වැන්න මිලදී ගැනීමට සම්බන්දයෙන් වුවද දේශපාලකයන්ට මතක් වන්නේ ගොවියන් තම අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව උද්ඝෝෂණය කරන විටදී පමනි. 

ගොවියාගේ මෙම අනේකවිද ගැටලු වලට ඉතා අගනා විස`දුම් දෙශපාලකයන් සතුය. නමුත් එය බොහෝවිට මැතිවරන පොරොන්දුවකට පමනක් සීමවේ. පසුගිය මැතිවනරණ වලදී ඔවුනොවුන්ගේ මැතිවනරන ප්රකාශන කියවා බලන  ඕනෑම කෙනෙකුට මෙය සරලව තේරුම්ගත හැක. එහෙත් ජනතාවද මේවා හුදු ප්රකාශන පමනක් බව දන්නා නිසා මැතිවරණ සමයේදීම ඒවා කුනුකූඩයට දමයි.  ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගීමට ගෙවතු වගාවට ජනතාවගේ මුදල් වැයකරමින් වෙළඳ දැන්වීම් දමන රජය ගොවියන්ගේ අස්වැන්න මිලදී ගැනීමටත් කලට වේලාවට පොහොර ටික ලබාදීමටත් කිසිදු උත්සාහයක් නොගනියි. 

දින කිහිපයකට පෙර රජයේ වගකිවයුතු ඇමතිවරයෙක් පොහොර ගැටලුව පිළිබ`ද අදහසක් ජනමාධ්ය මගින් ඉදිරිපත් කරන අයුරු අප දුටුවෙමු. ඔහුට අනුව මෙවර සිදුව ඇත්තේ ජයේ අභිපේ්රරණයේ නිසා පුරන් කුඹුරු විශාල ලෙස අස්වැද්දීම නිසා පොහොර අවශ්යතාව වැඩිවීම මගින් පොහොර හිඟයක් ඇති වූ බවයි. දැනටමත් පොහොර ගෙන්වීමට වැඩපිළිවෙලක් සකසා ගෙන යන බවත් නොබෝ කලකින් පොහොර ලැබෙන බවත් කියයි. මෙය කොතරම් විහිලූ ප්රකාශයක් ද? ගොවියාට මඩ පොහොර ලැබෙන විට බණ්ඩි පෙහොර අවශ්ය කාලය එළැඹ ඇත. එවිට ද දේශපාලකයන් පොහොර එන බව කියමින් සුරංගනා කතා කියනු ඇත. තේ වගා කරුවාට පොහොර නැති වූයේ ඔවුන් පුරන් කුඹුරුවල තේ වගා කිරීමෙන්ද? ඇත්ත කාරණය මීට වඩා වෙනස් තත්ත්වයකි, කෘෂිකර්මය අඩාල කර දේශපාලකයන් සහ ඔවුන්ගේ තැරැවු කරුවන්  පිටරටින් ආහාර ද්රව්යය ගෙන්වමින් ඒවායෙන් කොමිස් ලබා ගැනීමේ ජාවාරම්, පොහොර ගෙන්වීමේ ද විවිධ ජාවාරම්, පොහොර ගෙන්වන සමාගම් සමග කරන ජාවාරම් ආදිය සහිත ගනුදෙනු මේවා යට ක්රයාත්මක වේ. 

බලවතුනි අපි ඔබලාගේ සුරංගනා කතා වලට රැවටෙන්නේ මු. ගොවි විරුවන් දේශපාලකයින්ගේ සුරංගනා කතා වලට රැවටීම ජාතික අවශ්යතාවයක් ලෙස සලකමු. එය කොතරම් ආස්වාදජනක රැවටිල්ලක් ද?

-  උපාලි ගම්ලත්

Comments